මැතිවරණ සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී අදාල නාමයෝජනා ලැයිස්තුවේ අපේක්ෂක සංඛ්‍යාවෙන්

හතරෙන් පංගුවක්, එනම් සියයට 25ක් තරුණ තරුණියන් සඳහා වෙන්කිරීම අනිවාර්ය කරන ලෙස යෝජනා කෙරෙන ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්ව තිබේ.

එසේ 2022 මැයි 27 දිනයෙන් යුතුව ගැසට් කර ඇත්තේ, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් විසින් පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු මැතිවරණ පනත (සංශෝධන) කෙටුම්පතකි.

මහ මැතිවරණ, පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන මැතිවරණ පනත් සංශෝධනය කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත.

මහ මැතිවරණයකට හෝ පළාත් සභා මැතිවරණයකට හෝ පළාත් පාලන මැතිවරණයකට සෑම දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක් විසින්
නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී එම බල ප්‍රදේශයට නියමිත ඡන්ද අපේක්ෂක සංඛ්‍යාවෙන් හතරෙන් පංගුවකට නොඅඩු සංඛ්‍යාවක් තරුණයන් විය යුතු බවට මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.

මෙහිදී නාමයෝජනා කැඳවමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රසිද්ධ කරනු ලබන ගැසට් නිවේදනයට සමගාමීව, එක් එක් පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අදාළ නාමයෝජනා පත්‍රිකාවේ නාමයන විය යුතු අතර තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාව නිශ්චිතව වශයෙන් සඳහන් විය යුතු බවටද සඳහන්ව තිබේ.



මෙම වගන්තියේ තරුණයෙක් ලෙස නිර්වචනය වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණ කැඳවනු ලබන දිනයට වයස අවුරුදු 35 ක් හෝ ඊට අඩු පුරුෂ හෝ ස්ත්‍රී තැනැත්තෙකි.



මේවනවිට මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමුවර කියවා ඇති අතර දෙවනවර කියවීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉමිතියාස් බාකිර් මාකර් මන්ත්‍රීවරයා පැවසුයේ, මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවයි. එබව පාර්ලිමේන්තුවට දන්වා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

'' රටේ තීන්දු තීරණ ගන්න පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, පළාත් පාලන ආයතනවල තරුණයින්ගේ හඬට ඉඩක් නැහැ කියල අරගලකරන තරුණ තරුණියන්ගෙන් මේ වෙනකොට බරපතල චෝදනාවක් එල්ලකරමින් තියනවා.. පැහැදිලිවම ඒ කතාවේ ඇත්තක් තියනවා. මේ රටේ අනාගතය අයිති තරුණ තරුණියන්ට ඔවුන්ගේ අනාගතේ ගැන තීන්දු කරන්න අයිතිය අහිමිවෙලා. .. මම මේ පනත් කෙටුම්පත ගෙනාවේ ලංකාව නියෝජනය කරමින් UN ගියපු සචින්ද්‍ර වගේ තරුණ තරුණියන් රාශියකගේ අදහස් සැලකිල්ලට අරගෙන... මම හිතනවා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී ගැසට් කරපු මේ පනත කෙටුම්පත ඉක්මනින්ම න්‍යය පුස්තකයට ඇතුලත් කරාවි කියලා. '' මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



රට වෙනුවෙන් එකතුවන්න 

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්