ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මෙරට ජනගහණයෙන්
දුප්පත්ම 40% යෙහි මාසික ආදායම රුපියල් 26,931ක් පමණකි.
මෙම සංඛ්‍යා ලේඛන ආදාල වන්නේ 2019 වර්ශයටය. වර්තමාන තත්වය යටතේ මෙවැනි ආදයමක් මගින් නිවෙසෙක ආහාර වේල් තුනක් සදහා පවා ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.
එම වර්ශයෙහි පවුලක සාමන්‍ය මාසික රුපියල් 76,414 ක් විය.
සාමාන්‍ය කුටුම්භ ආදායම 2019 වසරෙහි දී එළෙස පුද්ගලයන් 3.7 කින් සමන්විත සාමාන්‍ය පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 75,000 ඉක්ම වූ අතර එය තරමක ආකර්ශනීය එකක් විය. ඒ රාජපක්ෂවරුන් යළි ශ්‍රී ලංකාව විනාශ මුඛයට ඇද ගෙන යාමට පෙරය.
2019 සංඛ්‍යා ලේඛන අනුව වුවද නාගරික, ග්‍රාමීය සහ වතු යන අංශ තුන අතර විශාල විෂමතා ද පැවතුණි.
යහපාලන ආණ්ඩු සමයෙහි මධ්‍යම තලයේ ජන කොටස් ද්‍රරිද්‍රතාවයකට පත්ව නොසිටි බව එම සංඛ්‍යා ලේඛන පෙන්වයි.
මේ රට වසංගතයට රටට කඩා වදුණු අවස්ථාවෙහි සාමාන්‍ය ආදායම් මට්ටමය. කොවිඩ් වසංගතයේ 2020 සහ 2021 වසර දෙක තුළ ආදායම තව දුරතේ පිරිහී ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණයේ 2019 ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ එවකට නාගරික පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 116,670ක් වූ බවත් ග්‍රාමීය පවුලක සාමාන්‍ය ආදායම රුපියල් 69,517ක් වූ බවත් සහ වතු අංශයේ පවුලක් මාසිකව ඉපයූයේ රු. 46,865 ක් පමණක් බවයි.
ශ්‍රී ලංකාවේ ආදායම බෙදී යාම හුදෙක් ධනවත් සහ දුගී ජන කණ්ඩායම් වශයෙන් පමණක් නොව වාර්ගික වශයෙන්ද බරපතල වෙනස්කම් පෙන්වයි. වතු අංශය යනු කඳුරට දෙමළ ජනයා ජීවිකාව කරගෙන යන ක්ෂෙත්‍රයයි.
වසංගතයේ වසර දෙක තුළ රටේ ආදායම අධි උද්ධමනය මධ්‍යයේ පහත වැටුණි. 2022 මායි මාසයේ ප්‍රකාශිත නිල පාරිභෝගික මිල දර්ශක පෙන්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස වසරක් ඇතුළත මෙරට පවුල්වලට ඔවුන්ගේ නාමික ආදායමේ වටිනාකමෙන් සියයට 40 ක් අහිමි වූ බවයි.
සියයට 80ක්ම ආර්ථික ප්‍රපාතයට!
එය සිතා ගැනීමට බැරි තරම් දුගී බාවයකට ජනගහණයෙන් සියයට 50ක් තරම් ඇද දැමීමකි.
මධ්‍යම තලයේ සිටින සියයට 60හි පුද්ගලයන් 3.7 දෙනෙකුගෙන් යුත් පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 56,079 ක් විය. ඒ ඉහළම ආදායම ලබව සියයට විස්සද ඇතුලත්වය.
නමුත් උද්ධමනය ඉලක්කම් දෙකක් කරා ඉහළ යාමත් සමඟ සැම ජන කොටසකම ජනයාගේ මිලදී ගැනීමේ හැකියාව පසුගිය මාස හය තුළ තියුනු ලෙස පහත වැටුණි. මාර්තු මාසයේ සිටඋද්දමකය පිම්මේ ඉහළ යමින් තිබේ.
මිනිසුන්ගේ ආදායම මත දුෂ්ඨ බද්දක් බවට පත්වන උද්ධමනය හේතුවෙන් පහළම සියයට 40 ක පවුල් දරුණුතම දරිද්‍රතාවයට ඇද වැටෙද්දී ශ්‍රී ලංකාවේ සියයට 80ක කුටුම්භවල ජීවන තත්ත්වය කෙතරම් දරුණු ලෙස බලපා තිබේද යන්න මෙම සංඛයා ලේඛන පිළිබිඹු කරයි.
මේ වනාහී ශ්‍රී ලංකාවේ පාලන දේශපාලනඥයින් විසින් ඇති කරන ලද අර්බූදයක් බව පසුගියදා අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ සභාපතිනියද ද ප්‍රකාශ කළේය.
(සේ. පියවර්ධන විසිනි.)
srilankabrief.org
රට වෙනුවෙන් එකතුවන්න
https://theleader.lk/news/12091-40-2#sigProIda04a38dc6d