මෙරට ව්‍යාපාරික ඉතිහාසයේ අග්‍රගණ්‍ය ස්ථානයක් හිමිකර ගෙන සිටින සිලෝන් බිස්කට් සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ හිටපු සභාපති වන දේශමාන්‍ය
මිනේක වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
1968 වර්ෂයේදී මෙරට ළමුන් මන්දපෝෂණයට ගොදුරු වීම වැළැක්වීම සඳහා පෝෂ්‍යදායි බිස්කට් නිෂ්පාදනය කරමින් එය පාසැල් හරහා ළමුන් අතරට බෙදා හැරීමට පියවර ගනු ලැබුවේ ද CBL සමාගම විසින්ය. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය ලබා ගනිමිනි.
ශ්‍රී ලාංකීය ව්‍යාපාරයක් ගොඩ නැගීමේ පරම අරමුණ කර ගනිමින් ව්‍යාපාරික කේෂ්ත්‍රයට පිවිසි මිනේක වික්‍රමසිංහ මහතා සිය CBL සමුහ ව්‍යාපාරය තුලින් ව්‍යාපාරික කේෂ්ත්‍රයේ ඉහලටම පැමිණියේ ඔහු තුල තිබු කැපවීම, මානුෂික ගුණාංග වලින් හෙඹි පුද්ගලයෙකු බැවින්ය.
ලොවපුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක වෙළෙදපොල ජය ගැනීමට ශ්‍රී ලාංකේය නාමය රැගත් සිලෝන් බිස්කට් සමුහ ව්‍යාපාරයට අද හැකිවී තිබීම එයට කදිම නිදසුනක් වේ.
Munchee, Ritzbury, Lankasoy, Samaposha, Tiara සහ Cecil යන වෙළඳනාම රැසක් යටතේ දේශීය විදේශීය වෙළෙඳපොළ ජයගෙන තිබෙන සීබීඑල් සමූහ ව්‍යාපාරය මේවනවිට 'ස්පාර්' ජාත්‍යන්තර සුපිරි වෙළෙඳසල් ජාලයද ශ්‍රී ලංකාවේ නියෝජිත ලෙස පවත්වා යයි.