සිය පස් හැවිරිදි දරුවා වත්තල කදිරාන පාලම මතින් කැලණි ගඟට දමා ගඟට පැන දිවි හානි කරගැනීමට තැත් කිරීමේදී 42 හැවිරිදි මවක් ප්‍රදේශවාසීන් දැඩි

පරිශ්‍රමයක් දරා බේරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නීතිඥ තල්ලුව පවසයි.

සිද්ධියට සම්බන්ධ කාන්තාව මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

තමන් ගේ උකුලේ ඇති ආබාධයක් හේතුවෙන් දරුවා ජිවත් කරවීමට මුදලක් ඉපැයීමට නොහැකි බැවින් මෙම තීරණයට එළෙඹී බව එම මව විසින් පොලිසිය හමුවේ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

 

අතුරුදන් වූ දරුවා සොයා පොලිස් ජිවිතාරක්ෂක සහ නාවික හමුදා කණ්ඩායම් විසින් මෙහෙයුම් සිදුකරන බව මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කළේය.

එම කාන්තාව ඊයේ රාත්‍රී 7.20. පමණ දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමියි ඇගේ උත්සහාය නවත්වා ඇත.

හැඳල  මුරපොල පොලිස් නිලධාරීන් අදාල කාන්තාව රැගෙවිත් මුර පොළෙහි රඳවාගෙන සිටියදී සිද්ධිය දැනගත් මට්ටක්කුලිය ප්‍රදේශවාසින් පිරිසක් ඇයට පහරදීමට උත්සාහ කර ඇත.

නමුත් එහි නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව එය වලක්වා ගෙන කාන්තාව පොලිසියට රැගෙන විත් ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මෙරට ජනගහණයෙන් 40% ක් අන්ත දුප්පතුන් වේ.

helpline

සබැඳි පුවත් :


මෙරට ජනගහණයෙන් 40%ක් අන්ත දුප්පත්කමේ!



 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්