මේ වන විට රටේ උද්ගතව ඇති ඉන්ධන හිඟවීම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්

සති දෙකක කාලයක් සඳහා රජයේ කාර්යාල සහ පාසැල් මාර්ග ගත ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

රටේ දෛනික ඉන්ධන භාවිතය අවම කිරීමට රජයේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඇති මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි පැය කිහිපයේදී ගැනීමට නියමිත ය.  ඒ සම්බන්ධයෙන් වන රජයේ ඉහළ පෙලේ විශේෂ සාකච්ජාවක් ද සිකුරාදා (17)  පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විටත් ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමට රටේ සෑම ප්‍රදේශයකම පාහේ දිගු පෝලිම් ඇතිවී තිබෙන අතර ඇතැම් ස්ථාන වල පෝලිම් කිලෝමීටර් 2-3 ඉක්මවා ඇත.

ඉන්ධන නොමැති වීමෙන් අද දිනයේත් පොදු ප්‍රවාහන සේවා පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.


ඉන්දියාවෙන් ණයට දුන් අවසන් තෙල් නැව එයි

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව බ්‍රහස්පතින්දා (16) දිනයේදී ශ්‍රී ලංකාවට ලඟාවිය.

එම ඉන්ධන නෞකාවෙන් පසුව මෙරටට නැවත ඉන්ධන නෞකාවක් ලබා ගැනීමට සිදුව ඇත්තේ මුදල් ගෙවීම හරහායි. කෙසේ වුවද රටේ පවතින විදේශ විනිමය අර්බුධය හමුවේ ඉන්ධන නෞකා සහ ගෑස් නෞකාවන් සඳහා මුදල් ගෙවීමට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත.

මේ අතර සිකුරාදා දිනයේදී පුද්ගලික බස් ධාවනය සිදුවන්නේ සීයයට 20ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියි. දෛනික බස් 13,000ක් ධාවනය කෙරුණද පවතින ඉන්ධන හිඟය නිසා එය බස් රථ 4,000ක් දක්වා අඩුවී ඇති බව ඔහු සඳහන් කළේය. 

 

 


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image