එක්සත් ජාතීන් විසින් අනාවරණය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න පිරිසකට මේ වන විට එදිනෙදා ආහාර වේල සොයා

ගැනීමට නොහැකි වීමේ ප්‍රතිපලයක් ලෙසින් අනාගතයේ පාසල් යන දරුවන් අඩු පෝෂණය නිසා මොළයේ අව වර්ධනයක් ඇතිවීමේ දීර්ඝකාලීන අවදානමක් සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගම් නායකයෙක් අනතුරු අගවා සිටි.

ලෝක ආහාර වැඩසටහන (WFP) 2022 ජූනි 14 දා පළ කරන ලද තත්ත්ව වාර්තාවට අනුව  ශ්‍රී  ලංකාවේ මිලියන 5.7 ක ජනතාවකට හදිසි මානුෂීය ආධාර අවශ්‍යව ඇති අතර, මිලියන 4.9 ක ජනතාවක් ආහාර හිඟයකට මුහුණ පා සිටි.

මෙරට පාසල් පද්ධතියේ සිටින  අවුරුදු 05 ට අඩු දරුවන් මන්දපෝෂණ තත්වයට පත්ව ඇති බවට එක්සත් ජාතීන් මෙන්ම ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසදයත් පෙන්වා දී ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පවසන්නේ.

"අපි දන්නවා දරුවාගේ මොළෙන් 80% ක් වර්ධනය වෙන්නේ කුසතුල පිළිසිඳ ගැනීමේ සිට වසර 5 දක්වා. එතකොට මේ කාල සීමාව තුල තමයි පෝෂණය අවශ්‍ය වෙන්නේ. අද වෙනකොට ත්‍රිපෝෂ පවා ලබා දෙන්නේ නැ. එක්සත් ජාතිනීගේ සංවිධානයේ වාර්තාවේ පැහැදිලිවම සදහන් කරලා තියනවා මේ ත්‍රිපෝෂ ලබා දීම 2021 නොවැම්බර් ඉදලම නතර කරලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ ත්‍රිපෝෂ ලබා දෙන්නේ ගර්භනී මව්වරුන්ට, කුඩා ළමුන්ට හා කිරිදෙන අම්මාවරුන්ට. ඉතිං දැන් මේ මොකද වෙලා තියෙන්නේ ළමයින්ට අවශ්‍ය පෝෂණය නොලැබීම තුල අවවර්ධිත මොළයක් සහිත ළමයි තමයි අධ්‍යාපන පද්ධතියට එන්නේ. එතකොට දැන් මේක දීර්ඝකාලීනව තමයි රටට බලපාන්නේ. මොකද මේක අද හෙට බලපාන්නේ නෑ. දීර්ඝකාලීනව තමයි බලපාන්නේ"

එය අද රටේ පවතින  ඉන්ධන අර්බූදයට එහා ගිය ප්‍රශ්නයක් බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අවධාරණය කළේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

 

ඉදිරි මාස හතර තුළ (ජූනි සිට සැප්තැම්බර් දක්වා) ලංකාවාසී මිලියන 1.7 ක ජනතාවකගේ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා වන ඩොලර් මිලියන 47.2 ක් සොයා ගැනීම සදහා එක්සත් ජාතීන්ගේ අරමුදල වෙනුවෙන් එම සංවිධානය ලෝකයේ පරිත්‍යාගශීලී ප්‍රජාවට ආයාචනාවක් නිකුත් කළ බවත් WFP වාර්තාවේ  දැක්වේ.

 

එහි තව දුරටත් සදහන්ව ඇත්තේ ලෝක ආහාර වැඩසටහනේ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්මට අනුව මෙම සතියේ කොළඹ දිළිඳුම ප්‍රදේශවල අවදානමට ලක්විය හැකි ගර්භනී කාන්තාවන් 2,200 කට වවුචර බෙදා හැරීම ආරම්භ කරන අතර ඒ අනුව සෑම නිවසකටම රුපියල් 15,000 පමණ ලැබෙනු ඇති බවයි.

මේ අතර WFP ය සහ රජය ගතවූ අප්‍රේල් මාසයේදී ඒකාබද්ධව දිස්ත්‍රික්ක 17 ක දුගී පවුල් මුල් කර කළා වූ හදිසි ආහාර සුරක්ෂිතතා සමීක්‍ෂණයක දී හෙලි වී ඇත්තේ මේ කුටුම්භයන්ගෙන් 86 %ක් පවතින ආර්ථික අසීරු තාවයන්ට මුහුණ දිම සඳහා කෑම වේල කප්පාදු කර ඇති බවයි.

ඒ අතර  මිල අඩු, අඩු පෝෂ්‍යදායී ආහාර මිලදී ගැනීම (95 % ක්), පවුලේ එක් අයකුට හිමිවන ආහාර පංගුව සීමා කිරීම ( 83% ක්) සහ දිනපතා ආහාරයට ගන්නා ආහාර වේල් ප්‍රමාණය  අඩු කිරීම (66 %) වෙයි.

මේ අතර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය (ජූනි 14) පවසා තිබුනේ “පාසල් ආහාර වැඩසටහන” ඔස්සේ සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් වඩාත් අසරණ දරුවන්ට ලබා දෙන බවයි.

ඒ අනුව එහි පළමු සහ දෙවන සහල් තොග ජුනි මස 25 සහ 30 දෙදින තුළ කොළඹ වරායට ළඟා වීමට නියමිතය.

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්