''අපි ඉන්නකන් මේ රටේ එකෙකුටවත් මැරෙන්න දෙන්නේ නැහැ.''

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.

බොදු බල සේනා සංවිධානයේ මෙහෙයවීම යටතේ ආරම්භ කෙරෙන 'සාගිනි නිවීමේ ජාතික මෙහෙයුම' සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ එබව අවධාරණය කර සිටියේ, ජුනි 04 වෙනිදා පැවති එම සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවේ අදහස් දක්වමිනි.

වත්මන මුහුණදීමට සිදුවී ඇති දරුණු ආර්ථික අර්බුදය තුල දැඩි ආහාර හිගයක් ඇති වී අපේ රටේ සහෝදර ජනතාව මියයාමට පවා ඉඩ කඩ ඇති බවට පුරෝකථන කරන පරිසරයක "එක් රටක් එක් නීතියක්" ක්‍රියාත්මක වීමට මුලින්ම ජනතාව ජීවත් විය යුතු බව උන්වහන්සේ පැවසුය.

මේ රටේ කිසිම රටවැසියකු මිය යාමට නොදී අවධානමට ලක් වන සියලු පාර්ශ්ව සාගින්නෙන් හා මන්දපෝෂණයෙන් බේරා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය කිරීමට 'සාගිනි නිවීමේ ජාතික මෙහෙයුම' ඉදිරි වසර තුල 'සිතමු( සිංහල, තමිල්, මුස්ලිම්) - සමාජ ඒකාබද්ධතා වැඩපිළිවෙල සමග එකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මේ පිළිබද විශේෂ සාකච්චාවක් ජුනි මස 4 වන සෙනසුරාදා දහවල් 1 ට නාවල පාර, රාජගිරිය හි ශ්‍රී සද්ධර්මරජික විහාරයේ පැවැත්වෙන බව ඥානසාර හිමියන් වැඩිදුරටත් පැවසුහ.

බොදු සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියාව් සිටි කතිකාචාර්ය දිලන්ත විතානගේ වසර හතරකට පසු යලි එම සංවිධානයට එක්ව තිබේ. ඒ, 'සාගිනි නිවීමේ ජාතික මෙහෙයුම'ට සහයපලකරමිනි.  ඒ සමගම ඔහුගේ 'සිතමු 'සංකල්පය වැඩසටහන ද 'සාගිනි නිවීමේ ජාතික මෙහෙයුම සමග ඒකාබද්ධ කර ඇත.

  

Leader Whats app

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය