මැයි 11 වැනිදා වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනකු පවුල් පිටින් මරා දැමීමට

සැලසුමක් තිබුණේ යැයි 'පොහොට්ටු' පක්ෂයේ මන්ත්‍රීවරයකු වන සනත් නිශාන්ත විසින් පසුගිය 16දා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පති වික්‍රමරත්න වෙත ලිපියක් යවමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටී.


“එමෙන්ම මැයි 11 වැනිදා වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනකු පවුල් පිටින් මරා දැමීමට සැලසුමක් තිබුණේ නම් මන්ත්‍රීවරයා කළ යුත්තේ ඒ ගැන ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමය. එසේ නැතිනම් අදාල ආයතනවලට පැමිණිලි කිරීමය. එසේ නොකර මන්ත්‍රීවරයා මැර කණ්ඩායම් සමග ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට කඩා පැන්නේ ජනතාව කුපිත කර රට පුරා කළබලකාරී සිදුවීම් ඇති කිරීම එම මන්ත්‍රීවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සැලසුමක් ලෙස තිබු නිසා විය යුතුය.” යයි ද එම ලිපියේ සඳහන් වේ.

''ඇප ලැබුණු සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කළ බරපතල ප්‍රකාශයක් සම්බන්ධවයි'' යන ශීර්ෂයෙන් යුතුව යොමුකර ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.

''ඇප ලැබීමෙන් පසු මැයි නව වැනිදා ගිනි ගත් නිවස බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කළැයි කියන ප්‍රකාශයක් ජුනි 16දා  රාත්‍රී ජනමාධ්‍ය වාර්තා කළේය.



එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මැයි 09වැනිදා සිදුවීම (සාමකාමී අරගලයට පහරදීම) සුළු සිදුවීමක් ලෙසයි. එමෙන්ම මැයි 11 වැනිදා වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනකු ඔවුන්ගේ නිවාසවල පවුල්පිටින් මරා ගිනිබත් කරන සැලැස්මක් තිබුණු බවද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සඳහන් කරයි. මෙය සුලුකොට තැකිය නොහැකි බරපතල ප්‍රකාශයකි.




මැයි 09 වැනිදා ආණ්ඩුව සහ පොලිසියේ පිරිසක් සැලසුම් සහගතව ගාලු මුවදොර සාමකාමී අරගලයට පහරදීමෙන් පසු රටපුරා ඇතිවූ තත්ත්වයේ වගකීම ද සාමකාමී අරගලයට පහරදුන් පිරිසම ගත යුතු බව මීට පෙර අපි ඔබට ලිඛිතව දැනුම් දුන්නෙමු.

ඊට හේතුව දේශපාලන සහ ආර්ථික පීඩා හමුවේ ජීවත්වීමට පවා නොහැකිව සිටින ජනතාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරද්දී ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට පහර දුනහොත් රට පුරා ජනතාව කළබල විය හැකි බව ආණ්ඩුව සහ පොලිසිය දැන සිටිය යුතුය.

මීට පෙර ලිපියේද අප සඳහන් කළ පරිදි රට පුරා කළබලකාරී තත්ත්වයක් ඇති කර හදිසි නීති රෙගුලාසි පැනවීමේ වුවමනාවෙන් ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහර දුන්නාදැයි සාධාරණ සැකයක් ඕනෑම පුරවැසියකුට ඇතිවිය හැකිය.



ගින්නෙන් හෝ පුපුරණ ද්‍රව්‍යවලින් අනර්ථයක් සිදු කිරීම, පහරදීම, මනුෂ්‍ය ඝාතනයට උත්සාහ කිරීම වැනි බරපතල සිදුවීම් ගෝඨාගෝගම සහ මයිනාගෝගම සිදුවී තිබියදී ඒවා සුලු සිදුවීම් ලෙස ගෙන ප්‍රකාශ කිරීම නැවත වරක් ජනතාව ප්‍රකෝප කිරීමට මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක්දැයි බරපතල සැකයක් පවතී.



එමෙන්ම මැයි 11 වැනිදා වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනකු පවුල් පිටින් මරා දැමීමට සැලසුමක් තිබුණේ නම් මන්ත්‍රීවරයා කළ යුත්තේ ඒ ගැන ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමය. එසේ නැතිනම් අදාල ආයතනවලට පැමිණිලි කිරීමය. එසේ නොකර මන්ත්‍රීවරයා මැර කණ්ඩායම් සමග ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට කඩා පැන්නේ ජනතාව කුපිත කර රට පුරා කළබලකාරී සිදුවීම් ඇති කිරීම එම මන්ත්‍රීවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සැලසුමක් ලෙස තිබු නිසා විය යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනකු ඝාතනය කිරීමේ සැලසුමක් තිබුණේ නම් එය බරපතල තත්ත්වයකි. එම සැලසුම කාගේද යන්න හෙළිදරව් කිරීම මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ මන්ත්‍රීවරයකුගේ වගකීමකි.

එසේ හෙයින්,

1) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනකු පවුල් පිටින් ඝාතනය කිරීමේ සැලසුම ගැන සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර විමර්ශනයක් පවත්වන ලෙසත්,

2) ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට පහරදුන් විට රට පුරා කළබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව දැන දැනම සහ එවැනි තත්ත්වයක් ඇති කිරීමේ වුවමනාවෙන්, එවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහර දුන්, පහරදීමට ආධාර අනුබල දුන් සහ සැලසුම් කළ හිටපු අගමැතිවරයා, හිටපු ඇමැතිවරුන්, දේශපාලනඥයන්, ආරක්ෂක ලේකම්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ද රට පුරා ඇති වූ සිදුවීම්වල අපරාධ වගකීම පැවරීමට කටයුතු කරන ලෙසත්, ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

 

 


Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්