පවතින තත්වය හේතුවෙන් සිය ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා තැබීමට

අවසර ලබා දෙන ලෙස බොහෝ ඉන්ධන පිරවුම්හල් හිමියන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

ඉන්ධන හිඟයත් සමඟ පවතින දිගු පෝලිම් සහ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයන්ගෙන් එල්ල වන විවිධ බලපෑම් ඊට හේතු වී ඇත.

පවතින අධික ඉල්ලුමට අනුව ඉන්ධන සැපයීමට නොහැකි වීම සහ පැන නැගී ඇති තත්වයන් කළමණාකරනය කර ගැනීමට නොහැකි පවසමින් ඔවුන් එම ඉල්ලීම කර තිබේ.

පවත්නා තත්වයන් හමුවේ බොහෝ ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසා ඇත්තේ සිය ආයතනවලට කළහකාරී පිරිස් පහරදේවිදැයි තමන් දැඩි බියකින් පසුවන බවයි.

පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමාවීමත් සමග මේ වනවිට ඉන්ධන ගැටලුව උග්‍ර වෙමින් පවතී. දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල දින ගණනාවක සිට දිගු පෝලිම් දක්නට ලැබෙයි.


zdfse4කුඩා දරුවෙකු ද පාසල අවසන්වී නිවෙසට යන අතර පෝලීමක රැඳි සිටන ආකාරය.


ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට දින කිහිපයක් පුරා ඉන්ධන නොලැබුණත් ජනතාව කුමන හෝ මොහොතක ඉන්ධන ලැබේ යැයි අපේක්ෂාවෙන් දිගු පෝලිම්වල රැදී සිටින බව අපගේ වාර්තාකරුවන් පවසති.

මේ අතර ඇතැම් ඉන්ධනහල් වෙත ඉන්ධන ලැබුනද ඒවා පෝලිම්වල රැදී සිටි සියලු දෙනාට ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් ගැටුම්කාරී තත්වයන්ද හටගෙන තිබිණ.

අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් ඇතුලු සැකකරුවන් 09 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසිය. එම ස්ථානයේ ඇති වූ තත්වය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඊයේ පස්වරු 04රේ සිට රාත්‍රී 09 පමණ දක්වා එම පිරවුම් හලෙන් ඉන්ධන නිකුත් ඇති බවත් ඉන්ධන තොග අවසන් වූ පසු පෝලිමේ රැදී සිටි ඉන්ධන නොලැබුණු පිරිසක් අදාල ස්ථානයේ කලහකාරී ලෙස ක්‍රියාකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. කෙසේ වෙතත් එම ස්ථානයේ රැදී සිටි ඇතැමුන් චෝදනා කලේ අදාල අවස්ථාවේදී පොලීසිය අයුතු ලෙස ක්‍රියාකළ බවයි.



 

 

 

Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්