රජයට අවශ්‍ය නම් ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය ඉතා පහසුවෙන් විසඳිය හැකි බව පහත දත්ත විමසීමේදී ඔබට තේරෙවි.



ලංකාවේ ගෑස් ආනයන වියදම බලන්න. ලිට්‍රෝ සමාගමේ මාසික ආනයන වියදම ඩොලර් මිලියන 20-23 පමණ වෙනවා. ලාෆ් සමාගමට අවශ්‍ය ඩොලර් මිලියන 7-10 ක් පමණයි. සමස්ත මාසික ගෑස් ආනයන වියදම ඩොලර් මිලියන 30ක්. වාර්ෂික ගෑස් අවශ්‍යතාව ගෑස් මෙට්ට්‍රික් ටොන් 440000 ක්. වාර්ෂිකව ආනයන වියදම උපරිම ඩොලර් මිලියන 360 යි.


දැන් බලන්න මාසික ඉන්ධන බිල. මාසික අවශ්‍යතාව සාමාන්‍ය ඩොලර් මිලියන 311 ක් පමණ වෙනවා. එහෙත් අප්‍රේල් මාසයේ මිලියන 700 ක් වැය වී තිබෙනවා. හේතුව වරාය ප්‍රමාද ගාස්තු, අතරමැදි ගනුදෙනු සහ Spot Buying  නිසා මෙසේ මිළ ඉහළ ගොස් තිබෙනවා. නිවැරැදි  term tender  එකක් හරහා මාසයකට උපරිම ඩොලර් මිලියන 500 කින් මේ ප්‍රශ්නය විසඳිය හැකියි. වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක පමණ ආනයන බිලක් තිබෙනවා.


ලංකාවේ 2020 අපනයන ආදායම ඩොලර් බිලියන 10.05. කොවිඩ් වසංගතය තිබුණත්, අපනයන ආදායම 2021 වන විට ඩොලර් බිලියන 15.72 දක්වා වර්ධනය වුනා.

2022 මාර්තු අපනයන ආදායම ඩොලර් බිලියන 1.057. ඒ වගේම අප්‍රේල් අපනයන ආදායම ඩොලර් මිලියන 915.3 දක්වා අඩු වුවත් මැයි මාසයේ ඩොලර් බිලියන 1.2 (Estimated ) බව වාර්තා වෙනවා.

ඔබ හිතන්න සියළු වියදම් අඩුකල විට ඩොලර් මිලියන 500 ආදායමක් මාසයකට ලැබෙනවා කියලා.

ඊලඟට, ලංකාවේ විදේශ ප්‍රේශන 2022 පෙබරවාරි ඩොලර් මිලියන 205 ක්ද, මාර්තු මිලියන 318 ක්ද, අප්‍රේල් මිලියන 248.1ක්ද, මැයි මාසය වන විට ඩොලර් මිලියන 304.1 ක්ද ලැබුණා. (මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි ).


ලංකාවේ මාසික ඉන්ධන සහ ගෑස් බිල පියවාගැනීමට අවශ්‍ය වන්නේ උපරිම ඩොලර් මිලියන 530 ක් පමණයි. එසේනම් , මේ ඩොලර් ආදායම් මූලාශ්‍ර දෙක පමණක් පාවිච්චි කළත් අපිට ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය පහසුවෙන් විසඳිය හැකියි. රජයේ තවත් ඩොලර් ආදායම් මූලාශ්‍ර කිහිපයක්ම තිබෙනවා.



එසේනම්, ඔබ ඇසිය යුත්තේ ඇයි මේ පාලකයන් මේ දැවෙන ප්‍රශ්න වලට ඉක්මන් විසඳුම් නොදෙන්නේ කියලයි ? සත්‍ය වශයෙන්ම ඔවුන්ට මේවා විසඳිය යුතු ප්‍රශ්න නොවෙයි. ඔවුන්ට අවශ්‍ය අර්බුදයේ අපව තවත් ගිල්වා තබා ගෙන ඔවුන් රටේ දේපළ කුණු කොල්ලයට විදේශ රටවලට විකුණා දමමින් මහා සංහාරයක් කිරීමටයි.

 රටේ ජනයා ඒවා ගැන අවධානය යොමු කරනවාට වඩා බලාපොරොත්තු වන්නේ තියෙන ඕන බඩ කඩෙත්තුවක් විකුණා ඉන්ධන, ගෑස්, ආහාර ලබා දෙනවා නම් ඒ මදෑ කියලයි. ඔවුන්ට මේවායේ ආදිනව අවබෝධ වන විට බොහෝ ප්‍රමාද වැඩි බවයි මගේ හැඟීම.

(ශාන්ත ජයරත්න)
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA

17.6.2022

 

 

Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්