කෙල්ලෙක්ගෙ පිරිසිදු භාවය කන්‍යා පටලයෙන් තීන්දු කරන සමාජයට අභියෝග කරන ෂෙනූ..



ඇගේ පියා නැතිවෙද්දි ෂෙනූට වයස අවුරුදු නවයයි. ඇගේ මල්ලිට මාස නවයයි. වැල්ලේ උපන් ඇය එතැන් පටන් ඇගේ මව සමග ජීවිතේ ගොඩ නගා ගන්නවා.

රැල්ලට හසු නොවී ජීවිතය වර්ණවත් කරගන්නවා.

කෙල්ලකට සමාජයෙන් එල්ලවන විවිධාකාරයේ අභියෝග සහ මදිපුංචිකම් හමුවේ ජීවිතය දිනනවා.

සමාජයේ වෙසෙන තවත් බොහෝ අයගේ ජීවිත ගොඩ නංවන්නට මනෝ විද්‍යා උපදේශකවරියක් ලෙස මග පෙන්වනවා. අලුත් සමාජයක් තනන්නට, වෙනස් ක්‍රමයක් නිර්මාණය කරන්නට වෙහෙසෙනවා.

සර්වෝදය ව්‍යාපාරයේ ව්‍යාපෘති නිලධාරිනියක ලෙස සේවය කරමින් සමාජයත්, රටත් අලූත් කරන්න පෙරුම් පුරනවා.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ දෙනෙක් දැන හඳුනන ෂෙනූ පෙරේරාගේ කතාවයි මේ.

ඇගේ කතාව යනු සමාජ පීඩාවන් හමුවේ ශක්තිමත්ව ජීවිතය ගොඩ නංවා ගන්නා සෑම කාන්තාවකගේම කතාවයි.

අහන්න. බලන්න.

 

   

Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්