''හෙට සිට සතියක් රජයේ සේවයට නිවාඩු. මිනිස්සු වැඩට එනවාට වඩා, ගෙදර ඉන්න එක ලාබයි

කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. අපි රටක් විදිහට මේ වගේ වලක වැටෙන්න අදාල හේතුව තේරුම් ගන්න වෙන මොනවාවත් පර්‍යේෂණ අවශ්‍ය නෑ.'' යයි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු පවසයි.

එබව පවසන්නේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ය. ඔහු තවදුරටත් මෙසේ කියා සිටියි.

''රටේ කාර්යක්ෂමතාවය ඵලදායි බව බිංදුවට වට්ටලා තියෙන්නේ. දේශපාලකයෝ වගේම පරිපාළකයොත් එක හා සමානව එහි වගකීම ගන්න ඕනේ.

කළමණාකරණ අදක්ෂ බව නිසා වලටම වැටිච්ච සේවාවක් තමා සෞඛ්‍ය සේවාව කියන්නේ. සෞඛ්‍ය සේවාව කළමනාකරණය කරන්න එක එක වර්ගයේ පාලකයෝ දහස් ගණණක් ඉන්නවා. නමුත් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය පහසුකම් ටික දෙන්න කිසිවෙක් නෑ.

රාජ්‍ය පරිපාළණ ලේකම් වරයා චක්‍රලේඛ ගහන්නේ කොලේ වහලා. සෞඛ්‍ය ලේකම් දැක්කේ නෑ වගේ ඉන්නවා. ආයතන ප්‍රධානීන් කියා ගන්නා කොටස හිතූ, හිතූ තීරණ අරගෙන සේවයට එන කාර්‍යමණ්ඩලයත් අධෛර්‍යට පත් කරවනවා. මේ වෙලාවේවත් යම් නිර්මාණශීලී බවක් ඇතුව ආයතන කළමනාකරණය කරගන්න බැරි, ආයත්න අධ්‍යක්ෂක වරුන්ට පඩි ගෙවන එකේ තේරුමක් නෑ.''

 

  

 

Leader Whats app

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්