සහල් මිළ සම්බන්ධයෙන් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් ප්‍රකාශයට පත්කල තීන්දුව පිළිපැදීමට සූදානම් නොමැති අනෙකුත් මහා පරිමාණ

සහල් හිමියන් විසින් වෙළඳපොළට සහල් නිකුත් කිරීම නවතා දමයි.

පෙරේදා (18) කොළඹ රාමාඩා හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මහා පරිමාණ සහල් නිෂ්පාදකයෙකු වූ ඩඩ්ලි සිරිසේන විසින් සහල් වලට පාලන මිලක් නියම කළේය.

මෙහිදී ඔහු විසින් සඳහන් කළේ 19 දා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ටත්, සම්බා කිලෝවක් රුපියල් 230 ටත්, කීරී සම්බා කිලෝවක් රුපියල් 275 ටත් අලෙවි කළ යුතු බවය.

මෙහිදී විශේෂයෙන්ම ඔහු සඳහන් කලේ රජයේ පාලන මිලද නොතකමින් එක්තරා සහල් මෝල් හිමියෙකු ( ඔහු ඉඟි කළ ආකාරයට නිව් රත්න ) තවමත් නාඩු විකුණන්නේ රුපියල් 270 ක් වැනි ඉහළ මිලකට බවයි.

තමන් තරාතිරම නොබලා වැරදිකරුවන් සම්බන්ධයෙන් සමාජය ඉදිරියේ හෙළිදරව් කරනා බවත්, තමන් පාලන මිලට සහල් අලෙවි කරන්නේ නම් අනෙත් මහා පරිමාණ සහල් මෝල් හිමියන්ද එම මිලටම සහල් අලෙවි කළ යුතු බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

කෙසේවෙතත්, අද දින අපවෙත අනාවරණය වූයේ ඩඩ්ලි සිරිසේනගේ 'අරලිය' සහල් මෝල හැර අනෙකුත් මහාපරිමාණ සහල් නිෂ්පාදකයින් සියලු දෙනාම පාහේ ඩඩ්ලිගේ තීන්දුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

 

විශේෂයෙන්ම ඔවුන් සියලු දෙනාම විසින් රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීම ප්‍රතික්ෂේප කරමින්, වෙළඳපොළ වෙත සහල් බෙදාහැරීම නවතා දමා ඇති බවට අප වෙත විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් අනාවරණය විය.

 

මෙහිදී එක් සහල් මෝලක විදුලි ජනන යන්ත්‍ර සහ ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර හිතාමතාම අක්‍රිය කර ඇති අතර, අනෙක් සහල් මෝල් හිමිකරුවන් විසින් සහල් ප්‍රවාහනය සඳහා ඩීසල් නොමැති බව පවසමින් ( දෛනිකව ඩිසල් ලීටර් 4000 බැගින් ඔවුන්ට සපයන පසුබිමක) සහල් බෙදාහැරීමෙන් ඉවත්ව ඇත.

විශේෂයෙන්ම මොවුන්ගේ මෙම තරඟකාරීත්වය හමුවේ ඉදිරියේදී වෙළඳපොළ තුල සහල් හිඟවීමේ අවධානමක් පවති.


සබැඳි පුවත :


ඩඩ්ලි හතර අතට නෙළයි ! - හෙට සිට සහල් විකුණන හැටි කියයි




 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්