LP Gas ප්‍රවාහන නෞකා ගාස්තු අවම මිලක් යටතේ ලබාදීමට ඩුබායි මුලස්ථානය කොටගත් Ozturk Holding LLC ජාත්‍යන්තර සමාගම ඉදිරිපත්ව ඇතැයි
මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
ඒ අනුව, එම සමාගම විසින් නෞකා ගාස්තු වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 69ක් ( $ 69 per Mt ) ලෙස මිළ ගණන් ඉදිරිපත්කර ඇත.
වසරක ණය පහසුකම් :
එසේම, ඒ සඳහා වසරක ණය පහසුකම් ලබාදීමට ද එකඟවී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.


කෙසේවුවද 2022- 2023 වසර සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 280,000 ක් ජාත්‍යන්තරයෙන් ගෑස් මිල දී ගැනීමට මුදල් අමාත්‍යංශය විසින් කැඳවනු ලැබූ නෞකා ගාස්තු ටෙන්ඩරයට Ozturk Holding LLC සමාගම ඉදිරිපත්ව නොමැත. ඒ, තම සමාගම අවම මිලක් යටතේ වසරක ණය පහසුකම් ලබාදීමට ඉදිරිපත්ව තිබියදී ටෙන්ඩර් වලට ඉදිරිපත්වීම ප්‍රශ්න කරමිනි.
අදාළ ටෙන්ඩරයට ඉදිරිපත්වූ සමාගම් ලබාදී ඇති මිල ගණන් මෙසේය.
1). Siam trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව -
ඇමරිකානු ඩොලර් 96 වශයෙන් ද ( $ 96 per Mt )
2). O Q trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව -
ඇමරිකානු ඩොලර් 129 වශයෙන් ද ( $ 129 per Mt )
3). BB Energy ( Asia ) ltd ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව -
ඇමරිකානු ඩොලර් 148 වශයෙන් ද ( $ 148 per Mt )
කෙසේවුවද පවතින වාතාවරණය තුළ අඛණ්ඩ ගෑස් සැපයීමට ඉදිරිපත්වූ ඕමාන් O Q trading සමාගම වෙත එම ටෙන්ඩරය ලබාදීමට ලිට්රෝ ගෑස් සමගම කටයුතු කර ඇත.
ඩොලර් මිලියන 30ක ණයවර ලිපිය (SBLC) ?
ඒ සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ, කැබිනෙට්ටුව විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් (SCAPC) Siam trading අදාළ වර්ෂය සඳහා සැපයුම්කරු ලෙස නම් කර ඇති නමුත්, ගිවිසුම් ප්‍රකාරව Siam Gas ආයතනය සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලබාදිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණයවර ලිපිය ( $ 30M -SBLC) ලබාදීමට ශ්‍රී ලාංකික රජයට නොහැකි තත්වයක් පැවතුන බවයි.
එම තත්වය විසඳා ගැනීම සඳහා කල් ගැනීමට අවශ්‍ය නිසාත් ඒ වන විට ශ්‍රී ලංකාව තුල ගෑස් තොග දින කිහිපයකට අඩු වී තිබූ නිසාත් කෙටි කාලීන විසඳුමක් වශයෙන් Spot Cargo මිලදී ගැනීමට මිල ගනන් මෙම Siam Gas සමාගමෙන් හා පෙර සැපයුමකරු හා දෙවන මිල දැක්වූ Tender කරු වන OQ සමාගමෙන් ද මිල කැඳවනු ලැබූ බව 'ලිට්රෝ' පවසයි.
2020/ 05/30 දින ලිපියක් මගින් Siam Gas ආයතනය වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ඔවුනට සැපයිය හැක්කේ ගෑස් මෙට්‍රික් ටොන් 6600 ප්‍රමාණයක් බවත් එය සැපයිය හැක්කේ නෞකා ගාස්තු $112 කට බවත් සඳහන් කර ඇති අතර එම ප්‍රමාණය දින 5 දෛනික අවශ්‍යතා සඳහා සෑහෙන නමුත් ,වර්තමාන අධික ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටී.
ඉහත මිල කැඳවීමේදී දෙවෙනි අඩු මිල ගණන් සැපයූ OQ Trading සමාගමට මාස හතරක ශ්‍රී ලාංකීය ගෑස් අවශ්‍යතාවය වන මෙට්‍රික් 100,000 ප්‍රමාණයක් නෞකා ගාස්තු $129 කට සපුරාලිය හැකි බව දැනුම් දී ඇත.
ඉහත කරුණු සලකා බලා, වර්තමාන ගෑස් හිඟය සහ පෝලිං නවතා සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයකට පත් කිරීමට 2022 /06/ 08 අමාත්‍ය මණ්ඩලයේ මගින් තාවකාලික සැපයුම සඳහා OQ Trading සමාගම සමග ගිවිසුම් ගත වෙන ලෙසටත්, ශ්‍රී ලංකා රජයට වර්තමානයේදී ඇති මුල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියා කර හැකි ගිවිසුමකට එළඹීම සඳහා, Siam Gas කොන්ත්‍රාත්තුව අවසන් කොට නව ටෙන්ඩරයක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කර සිටී.
OQ Trading හා Siam Gas අතර නැව් ගාස්තුවල පරතරය ඩොලර් 17ක් වන අතර එහි බලපෑම 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු .77.50 වේ. අඛණ්ඩ ගෑස් සැපයුම ලබාදීම මෙම අවස්ථාවේදී ඉතා වැදගත් බව ලිට්රෝ සමාගම පවසයි.
OQ Trading හා Siam Gas අතර නැව් ගාස්තුවල පරතරය ඩොලර් 17ක් වන අතර එහි බලපෑම 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු .77.50 වේ. අඛණ්ඩ ගෑස් සැපයුම ලබාදීම මෙම අවස්ථාවේදී ඉතා වැදගත් බව ලිට්රෝ සමාගම පවසයි.
කෙසේවෙතත්, Siam Gas ආයතනය සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලබාදිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණයවර ලිපිය ( $ 30M -SBLC) ලබාදීමට ශ්‍රී ලාංකික රජයට නොහැකි තත්වයක් පැවතුන බව බව පවසන එම නිවේදනයේ, Spot Cargo මිලදී ගැනීමට ණයවර ලිපියක් (SBLC) ලබාදුන්නේ කෙසේදැයි පැහැදිලිකර නොමැත.
සබැඳි පුවත් :