ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි.



එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2014 වර්ෂයේ ජාත්‍යන්තර යෝගා දිනය ප්‍රකාශයට පත් කරන ලදි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදිගේ යෝජනාවක් අනුව 2015 ජුනි 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර යෝගා දිනය සමරනු ලබයි.

මෙවර ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (21) දින කොළඹ නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේදී විශේෂ 'යෝගා' සැමරුම් වැඩසටහනක් සංවිධානය කරණු ලැබීය.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගී විය.

ඉන්දියානු මහා කොමසාරිස් මහ කොමසාරිස්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

වැඩසටහනින් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පැවසීය.

''ජීවිතයට වගේම යහපැවැත්ම වෙනුවෙන් 'යෝගා' හොද ක්‍රියාකාරකමක්. අපි සුබපතනවා ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය විසින් අද දින මෙම වැඩසටහන සංවිධානය කිරීම පිළිබදව. යෝගා ඉන්දියාවේ පුරාණ සම්ප්‍රදායෙන් අපිට ලැබුණු වටිනා දායාදයක්. එය ශාරීරික ව්‍යායාමයක් පමණක් නොව මනස හා ශරීරය ඒකාග්‍ර කරනවා. යෝගා ව්‍යායාම, සිතුවිලි සහ ක්‍රියාව, සංයමය සහ ඉටුවීම, මිනිසා සහ සොබාදහම අතර සහ සම්බන්ධතාවය, මානව වර්ගයාගේ සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ පරිපූර්ණ ප්‍රවේශයක් වෙත ලගා කරනවා.වසර ගණනාවක සිට ඉංදියාව හා ශ්‍රී ලංකාව අතර සුහඳ සබඳතාව ගොඩනගා ගනිමින් අපි ජාත්‍යන්තර යෝගා දිනය සමරනු ලබනවා.''

Photo 38Photo 37Photo 36Photo 35Photo 34Photo 33


 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්