පසුගිය ජුනි 09 වනදා සහ 10 වනදා සිදු කළ විරෝධතා සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අරගලකරුව්න 09 දෙනා

අත්අඩංගුවට ගැනීම කොටුව පොලීසිය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අදාල අධිකරණ නියෝගය පරිදි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, සමාමාධ්‍ය ක්‍රියාකරු රැට්ටා, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 09 දෙනා අද (22) පොලීසියට භාරවීම සඳහා කොටුව පොලිස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

කොටුව පොලිස්ථානයේදී මෙම පිරිසට පවසා ඇත්තේ අරගලකරුවන් බාර ගැනීමට කොටුව පොලීසියට පහසුකම් නොමැති බැවින් මරදාන පොලීසියට බාර වන ලෙසය.

ඒ අනුව මේ වනවිට ඔවුන් මරදාන පොලීසිය වෙත පාගමණකින් ගමන් කරමින් සිටිති.

(lankatruth.com)

opskol




Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්