නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි පෙරටුගාමී සමාජවාදි පක්‍ෂ මූලස්ථානයට ඊයේ (21) පස්වරු 2.00ට පමණ පැමිණි පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරුවකු

සොයන්නේ යැයි පවසා පිටව ගිය බව එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසීය.

මිරිහාන විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ සහ වැල්ලවත්ත පොලිසියේ ජීප් රථ දෙකකින් සහ පොලිස් යතුරුපැදියකින් එම පොලිස් කණ්ඩායම පක්‍ෂ මූලස්ථානයට පැමිණි බව කී පුබුදු ජාගොඩ, වරෙන්තුකරු කවුරුන්ද යන්න පොලිසිය ප්‍රකාශ නොකළ බව ද සඳහන් කළේය.

පොලිසිය කඩා වදින විට පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබූ බවත් සැක සහිත යතුරුපැදියක් මූලස්ථාන අසළ සැරිසැරීම හේතුවෙන් පක්‍ෂ සාමාජිකයෝ ගොස් ඒ පිළිබඳව විමසා ඇති බවත් ඔහු පැවසිය.

පක්‍ෂ මූලස්ථානයට බලහත්කාරයෙන් කඩාවැදීම පිළිබඳව ඒ වන විට මුලස්ථානයේ සිටි සාමාජිකයන් පොලිසියට විරෝධය පළකර ඇති බවත් ජාගොඩ වැඩිදුරටත් කීය.

 

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් මුලස්ථානයේ ප්‍රකාශකයකු පැවසුයේ, අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පෙරටුගාමී සමාජවාදි පක්‍ෂ මූලස්ථානයට ගොස් ඇති බවයි.

 

සාමකාමී ගොල්ෆේස් අරගලකරුවන්ට පහරදී මැයි 09 දා සිදුකළ අපරාධයට විරෝධය දක්වමින් ජූනි 09 සහ 10 දෙදින තුළ පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක සැකකරුවන් ලෙස අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ප්‍රවීන රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ රතිඳු සේනාරත්න (රැට්ටා) ඇතුළු 09 දෙනෙක් පොලිසිය විසින් සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මූලස්ථානය ජුනි 17 දා නිවේදනය කර තිබිණ.

පසුගිය 9 වනදා සහ 10 වනදා විරෝධතා සිදුකරමින් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව එම පොලිස් නිවේදනයේ සඳහන් විය.

ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝග කර තිබු අතර කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නඩුව ජුලි 05 වන දින නැවත කැඳවීමට නියමිත බව පොලිසිය පවසයි.

කෙසේවුවද අද (22) දිනයේ අධිකරණය විසින් නම් කර ඇති සියලු අරගලකරුවන් පොලිසිය වෙත බාරවීමට නියමිත බව වාර්තාවේ.


සබැඳි පුවත් :
අරගලකරුවන් 09ක් අත්අඩංගුවට ගැනීමට නියෝග !




Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්