theleaderlk 01

පසුගිය දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධාතවක නිරත වී මහජන දේපළවලට හානි කර ඇතැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ජුලි 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා, ධම්මික මුණසිංහ, ලහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර හා ජෙහාන් අප්පුහාමි යන අය සිටිති.

ඔවුන් අද පෙරවරුවේ මරදාන පොලිස් ස්ථානයට පැමිණ භාර විය.

JDS 2022

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

මෙතනින්  https://chat.whatsapp.com/DqfBCnAN39V2FlsfdfmQ3N