ඉන්දීය අදානි සමාගමේ දේශීය නියෝජිතයා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ දැයි

බරපතල සැකයක් මතුව ඇතැයි කෝප් කමිටු සාමාජික එස්.එම්. මරික්කාර් පවසයි.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩුගේ රහස් ලිපියකින් එවැනි සැකයක් මතුවන බව මන්ත්‍රීවරයා කියා සිටියි.

''ඇයි මේ ලියුම නාමල් රාජපක්ෂ ට කොපි කරන්නේ.? එතකොට කවුද අදානිගේ local agent ලංකාවෙ? එතුමා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මොකටද?  '' ඔහු එබව විමසා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය

කෝප් කමිටුව ඇතුළේ හිටපු විදුලිබල සභාපති හෙලිදරව් කළ සියලු කරුණු ඇතුළත් වීඩියෝව සගවා තබා ගත නොහැකි බවත්, එය ජනතාවගේ දැනගැනීම පිණිස මාධ්‍යයට ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

හොරු කව්ද කියා ජනතාව දැනගත යුතු බව ඔහු අවධරණය කළේය.

 එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහත්මයාව කෝප් කමිටුව හමුවට කැඳෙව්වා.  ලංකා විදුලිබල මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවපු වෙලාවේ එතුමා පුනර්ජනනීය බලශක්ති මෙගාවොට් 500 ක ව්‍යාපෘතියක් අදාළ සමාගමට ලබා දීම සම්බන්ධව මතුවෙලා තිබෙන මතභේදාත්මක කරුණු දැක්වීම සහ ඉන්පසු එතුමා කෝප් සභාවට ඉදිරිපත් කරපු ඉල්ලා අස් කර ගැනීමේ ලියුම පිළිබඳව සාකච්ඡා කිරීමට.

අපි ඉතා පැහැදිලිව කියන්න ඕන මම කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මම එතුමාගෙන් සෘජුව ප්‍රශ්න කරා දැන් ජනාධිපතිතුමා tweeter  පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා කිසිදු ආකාරයක සමාගමකට දෙන්න කියලා එතුමා උපදෙස් ලබා දුන්නේ නෑ කියලා. 

එතකොට ෆර්ඩිනැන්ඩු මහත්මයා අදහස් දැක්වූයේ කිසිදු ජනාධිපතිවරයෙක් ලිඛිත නියෝග දෙන්නේ නැහැ, සාමාන්‍යයෙන් ජනාධිපති වරයෙක් කටින් කියන දේ, ඒක නියෝගයක් විදිහට තමයි රාජ්‍ය නිලධාරීන් පිළිගන්නේ. ඒ අනුව එතුමා මුදල් අමාත්‍යාංශයට යවපු ලියුම ප්‍රකාරව "ස්ටෑන්ඩ් එක " ගන්නවා කියලා කිව්වා. ඒ වචනය තමයි පාවිච්චි කලේ.

ඒ අනුව එතුමා මුදල් අමාත්‍යාංශයට නොවැම්බර් 25 වෙනිදා ගිය අවුරුද්දේ , යවපු ලිවුමේ පලවෙනි paragraph එකේ තියෙන්නෙ, මං ඒ කෑල්ල විතරක් කියන්නම්.

 " where in persuance of directive of the HE the  president". ඒ කියන්නේ ජනාධිපතිගෙ directive එකට. ඊළඟට ඒකෙ second paragraph එකේ තියෙන්නෙ , " as per this joint inspection followed by the meeting with the honourable prime minister at the temple trees, it was the direction to me by the Hon prime minister to recognize the proposal of Ms Adani  green energy as a proposal from Indian Government to the Government of Sri Lanka " කියලා.
 
එතකොට ජනාධිපතිවරයා විතරක් නෙමේ අගමැතිවරයාත් direction එකක් දීලා තියෙනවා එතුමාගේ paragraph එක අනුව ඒ ලියුමේ. 
 
තුන්වෙනි paragraph එකේ නැවතත් කියනවා " immediately after the  progress review meeting on renewable energy with the HE president held on 16th November 2021 at the presidential secretariat, i was directed by the HE president to facilitate Ms Adani green energy to develop 500 MW wind and solar renewable energy project in Mannar and Punarin as he has already agreed to invest substantial amount of FDIA in Sri Lanka ."


එතකොට එතුමාගේ එතුමාගේ ලිවුම ප්‍රකාරව පෙනී සිටිනවා නම් ඒක G to G ද , ඉන්දියන් ආණ්ඩුව ඒක කිව්වද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා direction එකක් දීලා තියෙනවා එවකට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට අදානිට මෙගාවොට් 500 ක් දෙන්න කියලා. මේක තමයි අපි කියන්නේ පුනර්ජනනීය නංගි පෙන්නලා දූෂිත අක්කාව දෙනව කියන එක.


එතකොට මේ කරුණු එක්ක අරගෙන බැලුවම ජනාධිපතිවරයා බලපෑම් කළා කියලා කියන් නෑ කවුරුවත්, ජනාධිපතිවරයා direction එකක් දීලා තියෙනවා කියන එක එතුමා පිළිගන්නවා.

ඒ අනුව අපිට දැනෙන දේ, මට දැණෙන දේ තමයි, ෆර්ඩිනැන්ඩු මහත්තයා හරි නම් ජනාධිපතිවරයාගේ tweeter  පණිවිඩය වැරදියි . ජනාධිපතිවරයා ගේ tweeter පණිවිඩය හරිනම් ෆර්ඩිනැන්ඩෝ මහත්තයා වැරදියි .කොහොම වුණත් අවසානයේදී අදානිට මේ ව්‍යාපෘතිය ලැබෙන එක තමයි වෙන්නේ.

එතුමාගේ මේ ලියුමේ පිටපතක් දානවා " Gamini Lokuge , Hon. Minister power and energy " .

ඊළඟට නාමල් රාජපක්ෂ. මෙයා කවුද? මේ විෂයට අදාල ඇමතිවරයෙක් ද? එහෙනම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඩිලෙට් කරපු නිසා තමයි ෆර්ඩිනැන්ඩු මහත්තයාට එහෙම හයියක් ලැබෙන්නේ සෘජුව තම අමාත්‍යාංශ ලේකම්වරයාට ලියන් නැතුව, සෘජුවම මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලියන්න.


ඇයි මේ ලියුම නාමල් රාජපක්ෂ ට කොපි කරන්නේ.?

ඇයි මේ ලියුම නාමල් රාජපක්ෂ ට කොපි කරන්නේ.? එතකොට කවුද අදානිගේ local agent ලංකාවෙ? එතුමා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මොකක්ද?  

එතකොට මේ කියන කරුණු කාරණා ඔක්කොම අපි ඊයෙ ෆර්ඩිනැන්ඩු මහත්තයත් එක්ක කෝප් කමිටුවේදී සාකච්ඡා කලා. පසුව අපට දැනගන්නට ලැබුණා, මොකද මම සාකච්ඡාව අවසාන වෙනකන් හිටියේ නෑ, ඊට පසුව අපිට දැනගන්නට ලැබුණා මේක සාමාන්‍යයෙන් මාධ්‍යයට ලබා දෙන එක ලබාදෙන්නේ නෑ කියලා.

පසුව මම කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මැතිතුමාට කිව්වා අපිට, මේක රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා, අපිට කිසිම අරමුණක් නෑ රාජතාන්ත්‍රිකව ඉන්දියාව සහ ලංකාව අතර අර්බුදයක් නිර්මාණය කරන්න.


නමුත් සුදු ඇඳගෙන කවුරුහරි ඩීල් දානවා නම් ඒවා එළියට දැමීමේ වගකීම කෝප් කමිටුව හැටියට අපි සාකච්ඡා කරපු දේවල් දැනගැනීමේ අයිතිය මේ රටේ ජනතාවට තියෙනවා. ඒ අයිතිය පැහැර හරින්න අපිට බැහැ. මොකද හේතුව අදටත් මේ මොහොතේත්  අපේ රට වැටිල තියෙන මේ ආර්ථික ප්‍රපාතයට හේතුව දේශපාලනඥයින් හොරකම් කිරීම කියලා ජනතාව ප්‍රසිද්ධියේම කියනව.
 


දැන් කෝප් කමිටුව හමුවේ අපිට පේනවා රාජ්‍ය ආයතන ගේනකොට දිගින් දිගටම දේශපාලනඥයෝ වගේ සිය දහස් ගුණයකින් මේ රටේ රාජ්‍ය නිලධාරීන් හොරකම් කරල තියෙනවා. මේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෝ නෙමේ. තීරණ ගන්න රාජ්‍ය නිලධාරීන්.

එතකොට මේ රාජ්‍ය නිලධාරීන් හොරකම් කරන ප්‍රමාණය සහ ඒකේ බැරෑරුම් කම මොකක්ද කියන එක දැන ගැනීමේ අයිතිය තියෙනවා.


''ගොඩක් රාජ්‍ය නිලධාරීන් හදිසි මිලදී ගැනීම් වලට කැමතියි''

මොකද මට පේනවා ගොඩක් රාජ්‍ය නිලධාරීන් හදිසි මිලදී ගැනීම් වලට කැමතියි . දැන් තෙල් මිලදී ගත්තත් හදිසි මිලදී ගැනීම තමයි යන්නේ. ගෑස් මිලදී ගත්තොත් හදිසි මිලදී ගැනීම තමයි යන්නේ. විදුලිය මිලදී ගත්තත් හදිසි මිලදී ගැනීම තමයි යන්නේ. මේ හදිසි මිලදී ගැනීම් හරහා තමයි හොරා කෑම මතු වෙන්නේ.

 දැන් LP ගෑස් මිලදී ගැනීමක් සම්බන්ධවත් හදිසි මිලදී ගැනීමක් තියෙනවා. මම දැන් ඒ සම්බන්ධවත් පර්යේෂණය කරමින් යන්නේ. ලබන අගහරුවාද විතර මං මාධ්‍ය හමුවක් තියලා ඒ හොරා කෑම් ටිකත් එළියට දාන්නම්. ඒ ටික ජනතාවට දැනගන්න සලස්වන්නම් ඩොලර් මිලියන ගානක් ගහන්න යන්නේ කොහොමද කියලා .

ඒ නිසා කෝප් කමිටුවේ සභාපති තුමා එකඟ වුණා මේක එළියට දාන්න. අද එළියට දාන්න හිටියේ. නමුත් පාර්ලිමේන්තුව වැඩ කරන්නේ නෑ කියලා ලබන සඳුදා තමයි ඊයේ  තිබ්බ කෝප් කමිටුව එලියට දානවා කිව්වේ. මම හිතුවා එතකොට මේකේ රස්නෙ යනවා. ජනතාව බලන් ඉන්නේ, ෆර්ඩිනැන්ඩෝ ව කෝප් එකට ගෙනාවා, කෝප් එකෙ මොනවද කිව්වෙ? මොනවද වෙලා තියෙන්නෙ කියන එක දැනගන්න. ඒ නිසා සංක්ෂිප්ත සාරාංශයක් තමයි දුන්නෙ.

එතුමා මගේ ප්‍රශ්නෙට කෙලින්ම කිව්වා" i am standing for my letter to the finance ministry " කියලා . ඒ ලියුමෙ තිබ්බ කරුණු ටික තමයි මං මේ කිව්වේ. ඉතින් මේක බලන මිනිස්සු බුද්ධිමත් මිනිස්සු. තමන්ගෙ හිතිං තමන්ට දැනෙන පරිදි ඒ පිළිබඳව තීරණයක් ගත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ''


කෝප් සභාපතිගෙන් ට්විටර් පණිවිඩයක් :

ඊයේ පැවති කෝප් කමිටුවට අදාල විමර්ශනය සහිත වීඩියෝ දර්ශන මාධ්‍යවෙත නිකුත් නොකිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ට්විට් නිවේදනයක් නිකුත්කර ඇත.

පාර්ලිමේන්තුව යලිත් විවෘත කරන 27 සදුදා එම වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරන බව ඔහු පවසයි.
 
ahaja
 
 
 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්