සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ සිය මාධ්‍ය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසියෙන් දිගින් දිගටම අනිසි බලපෑම් එල්ලවෙමින් තිබෙන බව 'මාධ්‍ය නීති සංසදය' (Media Law Forum) පවසයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දිගින් දිගටම හේතු දැක්වීමකින් තොරව පොලිසියට කැදවීම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසටත්, පොදුවේ ජනමාධය නිදහසටත් බලපෑමක් ඇති කරන, වහා අවධානය යොමු විය යුතු ගැටලුවක් බව එම සංවිධානය අවධාරණය කර සිටියි.
එබැවින් මාධ්‍යයට අදාළ නව ප්‍රවණතා හදුනාගෙන සමාජ සහ නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ අයිතීන් පිළිගන්නා ලෙසත්, ඔවුන්ට පොලිසිය විසින් විවිධ බලපෑම් සහ මැදිහත්වීම් සිදුකිරීම් හරහා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට හානිකිරීමේ කටයුතුවලින් වළකින ලෙසත් 'මාධ්‍ය නීති සංසදය' පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා සිටියි.
'මාධ්‍ය නීති සංසදය'විසින් ඊයේ (24) දිනයේ පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම ඉල්ලීම කර ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ.
''සමාජ සහ නව මාධ්‍ය ක්‍රියාකාරිකයන් වෙත බලපෑම් කිරීමේ ක්‍රියාවලිය''
සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යන අයිතිවාසිකම තුළ කැපී පෙනෙන සහ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති කරුණකි.
එමෙන්ම, මෙකී මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරී ලෙස ජනතා අදහස් සහ අවශ්‍යතාවයන් අවධානයට ලක්කරමින් කටයුතු කරන පාර්ශවයන් ද මාධ්‍ය ක්‍රියාකාරිකයන් ලෙස අන්තර්ජාතිකව පුලුල් පිළිගැනීමකට ලක්ව තිබේ.
මෙම නව තත්වයන්, ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තිය මගින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විදීමට ද අදාළ සහ තීරණාත්මක බව දේශීය නෛතික ව්‍යහුයන්හි ද පිළිගැනීමට ලක්වූ කරුණකි.
එවන් පසුබිමක, ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙකී සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු නොදක්වා පොලිසිය වෙත කැඳවමින් ඔවුන්ගේ කටයුතුවලට බලපෑම් කිරීමේ සහ ඒ හරහා ඔවුන් බියගැන්වීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බවක් මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මැදිහත්වන මාධ්‍ය නීති සංසදය වන අප විසින් නිරීක්ෂණය කර තිබේ.
පසුගිය කාලසීමාවේදී, මංජුල බස්නායක, දර්ශන හදුන්ගොඩ, මනෝරම වීරසිංහ, තිසර අනුරුද්ධ බණ්ඩාර වැනි සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ සිය මාධ්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්නන් ගණනාවක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු පොලිසියේ විවිධ අංශ වෙත කැඳවා තිබිණ.ඒ සෑම අවස්ථාවකදීම එම කැදවීම්වලට අදාළ හේතුව සදහන් කර නොතිබීම ද විශේෂත්වයකි.
මෙහි නවතම සිදුවීම වන්නේ, පුවත්පත් ගණනාවක වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇති , මෙරට පිළිගත් මාධ්‍ය සංවිධානයක් වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු මෙන්ම වසර දෙකක් පමණ එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති, මේ වන විට සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ සිය මාධ්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන තරිදු උඩුවරගෙදර හට මේ මස 28 වනදා, එනම් 2022 ජූනි මස 28 වන බදාදා පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙසට පොලිස් පණිවිඩයක් ලැබී තිබීමයි.

මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර
තරිදු උඩුවරගෙදරගේ බණ්ඩාරවෙල පිහිටි නිවස වෙත ලැබී ඇති පොලිස් පණිවිඩයේ මෙම පෙනී සිටීමට අදාළ කිසිදු හේතුවක් සඳහන් නොවන අතර මේ සම්බන්ධයෙන් විමසීමක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ නම් නිලධාරියාගෙන් විමසන ලෙසට පමණක් සදහන් කර තිබී ඇත.
ඒ අනුව තරිදු උඩුවරගෙදර විසින්, එම නිලධාරියාට ඇමතුමක් ගෙන ඒ ගැන විමසද්දී ඔහුගේ යූටියුබ් චැනලය සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි අංශයෙන් සිදුකළ පැමිණිල්ලක් මත වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට මෙම කැදවීම සිදුකර ඇති බව දැනුම් දී ඇත.
සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ සිය මාධ්‍ය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් මේ අන්දමට දිගින් දිගටම හේතු දැක්වීමකින් තොරව පොලිසියට කැදවීම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසටත්, පොදුවේ ජනමාධය නිදහසටත් බලපෑමක් ඇති කරන වහා අවධානය යොමු විය යුතු ගැටලුවක් බව අපට යළිත් අවධාරණය කිරීමට සිදුව තිබේ.
එබැවින් මාධ්‍යයට අදාළ නව ප්‍රවණතා හදුනාගෙන සමාජ සහ නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ අයිතීන් පිළිගන්නා ලෙසත්, ඔවුන්ට පොලිසිය විසින් විවිධ බලපෑම් සහ මැදිහත්වීම් සිදුකිරීම් හරහා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට හානිකිරීමේ කටයුතුවලින් වළකින ලෙසත් අපි අවධාරණය කර සිටිමු.''
සබැඳි පුවත් :
කන්ටෙන්ට් එකට අදාළ නැති මාතෘකා දැමීම අපරාධයක් ද ?- තරිඳු CIDයට කැඳවයි