1200 x 80 DMirror

වත්මන් මහ බැංකු අධිපතිවරයා වෙනුවට තමන් විසින් වෙනත් අයකු එම ධුරයට පත් කරන බවට

පළ වී ඇති මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අද දිනයේ වෘත්තිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා එම කාරණය අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

 මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්  වීරසිංහගේ වත්මන් ධූර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වේ. ඒ අනුව එම ධුරයට වෙනත් අයකුගේ නමක් යෝජනා කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් සාකච්ඡාවක් පවත්වා නොමැති බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

පවතින ආර්ථික අර්බුදය පිළිබඳව අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති තත්වයක් තුළ මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීම ගැන සලකා බලා නොමැති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 අගමැතිවරයාගේ අවධානය මුළුමනින්ම යොමු වී ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.


නන්දලාල් ඉවත්කරන්න එපා ! - බැසිල්වාදීයකු කියයි 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත්නම් එම තීරණය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි අගමැති රනිල් වික්‍රමසිංහට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.



රජයට එරෙහිව විවිධ විරෝධතා මතුවී ඇති අවස්ථාවක එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් ආණ්ඩුවට එරෙහිව විරෝධය තවත් වැඩිවිය හැකි බවද ඔහු එම ලිපියෙන් පෙන්වා දෙයි.

මහ බැංකු අධිපතිවරයා ඉදිරි  දිනවල එම තනතුරින් ඉවත් කිරීමට යන බවට  ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වෙමින් පවතින බවත් මෙවැනි ප්‍රචාර විශ්වාස කරමින් ජනතාව කලබල  වුවහොත් රටේ ලොකු අවුලක් ඇති වනු ඇති බවත් ජගත් කුමාර මන්ත්‍රීවරයා සඳහන් කරයි.

නන්දලාල් වීරසිංහ මෙම තනතුර බාර ගත්තේ විශේෂ රාජකාරි කටයුතු කිහිපයක නියැලී සිටි අවස්ථාවක බවත්, අසීරු අවස්ථාවක රට වෙනුවෙන් වගකීම බාර ගත් අවංක නිලධාරියකුගේ සේවය කොයි මොහොතේ නැති වේද යන සැකයෙන් රාජකාරි කිරීමට සිදු වුවහොත් ඔහුට එය ලොකු පීඩනයක් වනු ඇති බවත්  මන්ත්‍රීවරයා එම ලිපියෙන් පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදය දේශපාලඥයන්, මහ බැංකු අධිපතිවරුන් සහ හිටපු ඇතැම් නිලධාරීන්ගේ අදූරදර්ශී තීරණ හා වැඩපිළිවෙළ නිසා සිදු වූ බවට ජනතාව තුළ   විශාල කලකිරීමක් ඇතිවූයේ යැයි  පවසන ජගත් කුමාරමන්ත්‍රීවරයා, රටපුරා පසුගියදා  විශාල කලබලකාරී තත්වයක් ඇතිවූයේද මෙම කලකිරීම නිසා බවත් ප්‍රකාශ කරයි. 

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න, 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය