වරාය, විදුලිබල මණ්ඩලය, හමුදාව, බස් ඩිපෝ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට හැර
තෙල් සංස්ථාවෙන් තෙල් තොග නිකුත් කිරීම ඇණහිට ඇතැයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
රටේ අවම දෛනික ඉන්ධන අවශ්‍යතාව ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3500 කි.
දැනට කොළොන්නාව, මුතුරාජවෙල ඉතිරිව ඇති තෙල් තොගය ඩීසල් මෙට්‍රික් ටොන් 10,000, 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1000, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4000 කි.
තෙල් බෙදාහරින මධ්‍යස්ථාන 11 ම වසා දමා ඇති ගානය.
මේ දිනවල ලංකාවේ විදුලි ජනනයෙන් 25% ක් සිදුවන්නේ ඩීසල්/ඉන්ධන මගිනි.
දැනටමත් පොදු ප්‍රවාහණ සේවා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපන වී ඇත.
මඩකලපුව - අම්පාර ගොයම් කැපීම ඇරඹී ඇත. අස්වනු නෙලන්නට ඩීසල් නැත.
වියළි කලාපයේ වගාවන්ට වතුර මෝටර සඳහා භුමිතෙල්, ඩීසල් ඇත්තේම නැති ගාන ය.
හැදෙන ගෙඩිය, අලය, කරල වෙළෙඳපොලට ගෙනියන්නට ක්‍රමයක් ඇත්තේම නැති ගානය.
කෘෂිකර්ම, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ, පළාත් සභා හෙට අනිද්දා අලුතෙන් ගැසට්, නිවේදන නිකුත් කරනු ඇත.
රටට එක තැන නැවතීම වැලැක්වීමට ආණ්ඩුවට හෝ කිසිදු වැඩපිළිවෙළක් නැත.
විපක්ෂය - රටේ විකල්ප ආණ්ඩුව කියා දෙයක් නැත. සමාජ බලවේග කැඩි බෙදී වෙන්වී ඇත.
ගෑස් දැනටම නැත. ඉන්ධන තව ටික දවසකින් නැත්තටම නැතිවනු ඇත. විදුලිය කැපෙනු ඇත.
අවම වශයෙන් ලක්ෂ 30 කට තම රැකියා අහිමි වනු ඇත.
ඇමතිවරු තව තව බොරු කියනු ඇත.
පණ බේරාගන්න උත්සහ කරන්න!(රජිත් කීර්ති තෙන්නකෝන්)
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය -විධායක අධ්යක්ෂ
දකුණ හා ඌව හිටපු ආණ්ඩුකාර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
''ඉන්දන නැවක් එනදිනයක් කියන්න බැ '' -බලශක්ති ඇමති
බැංකු කටයුතු සහ සැපයුම් කටයුතු වලදී උද්ගතව ඇති හේතුන් මත මෙරටට පැමිණීමට නියමිතව තිබු ඉන්ධන සහ බොර තෙල් රැගත් නෞකාවන් හි පැමිණීමේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටියි.
මින් පෙර අදාළ සැපයුම්කරුවන් විසින් ඩීසල්, පෙට්ට්‍රල් සහ බොර තෙල් සැපයුම් මෙම සතිය තුලදී ලබා දෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබු බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මීළඟ ඉන්ධන නැව් මෙරට වරායන් වෙත පැමිණෙන තෙක් සහ ඉන් පසුව අදාළ ගොඩබෑම් කටයුතු අවසන් වන තෙක් පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙනු ලබන බව අමාත්‍යවරයා පවසයි.
පවතින සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරිනබවත් ඉන්ධන සඳහා පෝලිම් ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
එමෙන්ම මීළඟ බොරතෙල් නැව්ගත කිරීම තෙක් පිරිපහදු මෙහෙයුම් තාවකාලිකව වසා දමන බවද ඔහු දන්වා සිටියි.
සිදුවූ ප්‍රමාදය සහ අපහසුතාවයට තමන් සමාව අයදින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.