ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑමේ අසීරුතා ඇති වී තිබීම හේතුවෙන් මැදපෙරදිග රටකට ලබාදීම සඳහා රජයේ අවදානය යොමුවී ඇති බව

අනාවරණය වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන බැවින් මැදපෙරදිග වැනි තෙල් පවතින රටකට ලබාදුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබීම හේතුවෙන් ඒ ගැන වැඩි අවධානයක් යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රුපියල් කෝටි තිස් එක් දහස් පන් සියයක පමණ ණය ප්‍රමානයක් සහිතව ශ්‍රී ලංකන් එයාර් ආයතනය පවත්වාගෙන යන්නේ ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ‍ය.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා,  ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවද ප්‍රකාශ කළේය.

 

අගමැති ජාතිය අමතමින් ශ්‍රී ලන්කන් ගැන කියපු කතාව !


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැයි 16 දා ජාතික අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ අවස්ථාවේදී ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් අදහස් දැක්විය. මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට ඔහු එහිදී යෝජනා කළේය.
 

''මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි.'' අග්‍රමාත්‍යවරයා කියා සිටියේය.


'ශ්‍රී ලංකන් ගුවන් සේවය රටට බරක්'- කෝප් කමිටුවේ සභාපති


ශ්‍රී ලංකන් ගුවන් සේවය රටට බරක්වී ඇති බැවින් ඒ පිළිබද පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතු බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් පසුගියදා ප්‍රකාශ කළේය.



 
නාලක අරගලකරුවන්ගෙන් කළ ඉල්ලීම !


මේ අතර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති 'වියත්මග' සංවිධානයේ කැඳවුම්කාර ආචාර්ය නාලක ගොඩහේවා, රටේ මහජනතාවට විශාල බරක් වී ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම තවදුරටත් කතාවට සීමා නොකොට දැන්වත් ආරම්භ කරන්නා ලෙස රජයට බල කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලා තිබිණ.

 ''අඩුම ගානේ රටට විශාලම පාඩුව කරන විදුලි බල මන්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලාංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ ආරම්භ කරනා ලෙස ඉල්ලන්න. මේ ආයතන 3 පමනක් වසරකට රුපියල් බිලියන 300 ක් පමන රටට පාඩු කරයි. රජය යටතේ පාලනය වන රාජ්‍ය ආයතන 420 ක් පමන තිබුනත් ඉන් බොහෝමයක් පාඩු ලබනා නිසා ඒ සියලුම ආයතනවලින් අවසානයේ වාර්ශික අයවැයට එක්වන ආදායම රුපියල් බිලියන 200 ට අඩුය. ඉහත කී ආයතන 3 පාඩු නොලැබුවානම් මේ ආදායම රුපියල් බිලියන 500 ඉක්මවන්නට තිබුනි.'' හිටපු මාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.


'ශ්‍රී ලංකන් වහාම පෞද්ගලිකකරණය කරන්න ම ඕන': මහාචාර්ය රොහාන් සමරජීව


''සාමාන්‍යයෙන් මිලියන අනූ නවයක් විතර දවසකට පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වගේ ආයතන මේ වෙලාවේදී පෞද්ගලිකකරණය කරන්න ඕන. මේකෙන් ජාත්‍යන්තරයට අපේ රට ගැන ධනාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා." යයි 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' ප්‍රධානියකුවන මහාචාර්ය රොහාන් සමරජීව ද පසුගියදා ප්‍රකාශකර තිබිණ.

ඒ, SLVLOG  නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.




සබැඳි පුවත් :

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටට බරක්; තීරණයක් ගන්න - කෝප් සභාපති

අරගලකරුවන්ට නාලකගෙන් යෝජනා දෙකක්

'ශ්‍රී ලංකන් වහාම පෞද්ගලිකකරණය කරන්න ඕන': මහාචාර්ය රොහාන් සමරජීව - (SLVLOG)

'එයාර් ඉන්දියා’ විකුණුව වගේම 'ශ්‍රී ලංකන්’ විකුණා දමනු ! - රොහාන් සමරජීව
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්