ලංකාවට දෙන්නට බැරි දෙයක් ඉන්දියාව ඉල්ලයි.



ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම බලපෑම අගමැති - ජනපති හමුවේ තබා ජූනි 23 ඉන්දීය විදේශ ලේකම් රටින් පිටවිය.

ඉන්ධන මිල ඉහළ ගොස් ඇත. සංස්ථා පිරවුම්හල්වෙත අද ඉන්ධන නිකුත් නොකරන නිසා එහි බලපෑමක් ජනතාවට නැත.  

මේ ජනතාවට වැදගත් කතාව ය.

ඊයේ (ජූනි 25) දවල් 12.30 න් පසුව වරාය, විදුලිබල මණ්ඩලය, හමුදාව, බස් ඩිපෝ හැර වෙනත් තැන් කිසිවකට සංස්ථාව තෙල් නිකුත් කර නැත.

රටේ අවම දෛනික ඉන්ධන අවශ්‍යතාව ඩීසල් 6000 MT ක් හා පෙට්‍රල් 3500 MT කි.

ජූනි 25 (ඊයේ) රාත්‍රී මෙරට ඉන්ධන සංචිතය ඩීසල් 9,222 MT, සුපර් ඩීසල් 244  MT,  92 පෙට්‍රල් 871 MT සහ 95 පෙට්‍රල 3,992 MT කි.  

‘කිසිම පිරවුම්හලකට තෙල් බෙදාහරින්න එපා!‘ මධ්‍යස්ථාන 11 ට පැහැදිලි උපදෙස් ලැබී ඇත.

මේ දිනවල ලංකාවේ විදුලි ජනනයෙන් 25% ක් සිදුවන්නේ ඩීසල්/ඉන්ධන මගිනි. ඩීසල් හිඟය කෙරවලපිටිය, සපුගස්කන්ද, අඹිලිපිටිය, කැලණිතිස්ස බලගාරවලට තව දින දෙකක් තුල බලපෑම් කරනු ඇත.

නොරෙච්චෝලේ මෙ.වො. 300 ක බලාගාරය අලුත්වැඩියාවට ගලවමින් ඇත. එය ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 10% ක් සපයයි.  ඊලඟ යන්ත්‍ර අලුත්වැඩියාවට ඩොලර් මිලියන 9 – 10 ක් අවශ්‍ය ය.  ඩොලර් නැතිනම් අමතර කොටස් ද, විදුලිය ද නැත.

නොරොච්චෝලේ ජූනි 20 දින ගල් අඟුරු සංචිතය සැප්තෑම්බර් දක්වා පමණක් ප්‍රමාණවත්, ලක්ෂ 8 ½ කි. සැප්තෑම්බර් සිට ගල් අඟුරු නැව් 22 කට ඩොලර් අවශ්‍ය ය.

බොර තෙල් අවසන්ව, සපුගස්කන්ද පිරිපහදුව නවතිමින් ඇත. ඒ සමඟ ලැබෙන භුමිතෙල්, ගෑස්, දැවි තෙල් සොච්චම ද නවතින්නේය. 

 

වැලිමඩ හුලං කපොල්ලෙන් ඌව පලාතට ‘හුලං කාලය‘ ඇරඹී ඇත. ගොයම් පැසී ඇත. සති තුනකින් මඩකලපුව - අම්පාර - මහියංගනය ගොයම් කැපිය යුතුය. නැතිනම්, වී ටික මල්ලට නොව, කුඹුරේ බිම වැටෙනු ඇත. 

 

අක්කරයට ඩීසල් ලීටර් 20 ක් අවශ්‍ය නම්, නැගෙනහිර, ඌව, උතුරු මැද (කොටසක) අස්වනු නෙලන්නට ඩීසල් බවුසර් 3,020 ක ඉන්ධන අවශ්‍යය. අතුරු වගාවට බිම සකසන්න ඩීසල් නැත. දුප්පතාගේ ප්‍රෝටීන් ප්‍රභවය මුං, තල, කුරහං, කවුපි වගාවක් නැති වනු ඇත. වතුර මෝටරයට ඩීසල්/භුමිතෙල් නැත.


 වියලි කලාපයේ වගා බිම් අව්වට පිළිස්සෙමින් ඇත. අගෝස්තු මාසය ලංකාවේ එළවළු මිල වැඩිම කාලයයි.

ඉන්ධන නැව් දෙක සංස්ථාව/කාංචන විජේසේකර ඇමතිවරයා කෑ රජ ලනුවකි.  ලංකාවේ නිත්‍ය සැපයුම්කරුවන්ට ආණ්ඩුව ණය ය. 2020 සිට ආණ්ඩුව තෙල් ගත්තේ ණයට ය. ඔවුන් තෙල් දෙන්නේ නැත. 

 

සංස්ථාව/ඇමති අලුත්ම සමාගමකින් වැඩි මිලට හෝ තෙල් ගන්නට හැදුවේය. ඒ සමාගම ද ප්‍රධාන සමාගම් විසින් නාමිකව පවත්වාගෙන යන ‘ලෙටර්හෙඩ්‘ එකකි  (නාමික සමාගමකි). සංස්ථාව ණයවර ලිපි විවෘත කළේය. ජාත්‍යන්තර ආයතන රාජ්‍ය බැංකු දෙක 'ලංකා' - 'මහජන' ‘බංකොලාත් ලේබල් කර අවසන්ය. සමාගම්, තුන්වන පාර්ශවයක සැරැකුමක් ඉල්ලයි. මහජන බැංකුවට සුරැකුමක් දෙන්නට තුන්වන පාර්ශවයේ ජාත්‍යන්තර බැංකුවක් නැත! දැන් තෙල් නැව් දෙකම නැත. එන්නේ කවදා දැයි දන්නේ ද නැත.

 

මේ ටික වන බව සංස්ථාව දැනගෙන හිටියේය. ඇමති නොදැන සිටියේය.  ජූනි 23 රනිල්ගේ අවසානයේ ආරම්භය ඇරඹීය. තෙල් නැව් ලණුව එය වේගවත් කර ඇත.  

new project 2022 04 04t131430.737 202204800096

ලංකාවේ ගෑස් සිලින්ඩර ලක්ෂ 101 කි.  එයින් ලක්ෂ 72 ලිට්රෝ ය. ලක්ෂ 29 ක් ලාෆ් ය. දැන් එයින් ලක්ෂ 66 ක් හිස් වෙලාය.  

ලිට්රෝ ජූලි 6 ඉදන් ගෑස් දෙනවා යැයි කියයි.  දවසකට පිරවිය හැක්කේ සිලින්ඩර් 80,000 කි.  

ලිට්රෝ හිස් සිලින්ඩර ලක්ෂ 50 පුරවන්නට අඛණ්ඩව දින 62 ක් ගෑස් ගැසිය යුතුය!

හැබැයි ලාෆ්ස් සමාගමේ දෙවන නැවට ගෙවන්න ඩොලර් නැත. දැන් ආදාහනාගාරවලටවත් ගෑස් නැත.

රටේ ඉන්ධන ප්‍රශ්නය ඩොලර් මිලියන 6000 කි. එයින් මිලියන 500 ක් (12 න් පංගුවක්) ඉන්දියාව ණයට දී ඇත. එය පිදුරු ගොඩේ වැටුණු ඉඳිකට්ටක් ලෙස අතුරුදන් වී ඇත.  

ජූනි 23 ඉන්දීය විදේශ ලේකම් ගේ සංචාරය රාජ්‍ය තාන්ත්‍රික අවුලක් නිර්මාණය වී ඇත. ලංකාවට දෙන්නටම බැරි දෙයක් ඉන්දියාව ඉල්ලයි.

එය ඛනිජ තෙල් සමාගම හෙවත් රටේ ඉන්ධන ඒකාධිකාරය යි!


බැසිල් කාගේ බලාපොරොත්තුව ද? - රජිත් කීර්ති තෙන්නකෝන්(රජිත් කීර්ති තෙන්නකෝන්)
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය -විධායක අධ්‍යක්ෂ
දකුණ හා ඌව හිටපු ආණ්ඩුකාර

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



ඉන්දියාවට අනුබද්ධ වීමෙන් තෙල් සහ විදුලි අර්බුදය විසඳාගමු !


මේ අතර 'අනිද්දා' ජාතික පත්තරේ (ජුනි 26) 'කල්ට් අතිරේකය' ට  'සිස්ටම් චේන්ජ්' එකක් සම්බන්ධයෙන් යෝජනා 05 ඉදිරිපත්කර ඇති චින්තන ධර්මදාස, ඉන්දියාවට අනුබද්ධ වීමෙන් තෙල් සහ විදුලි අර්බුදය විසඳාගැනීම පිළිබඳව අදහස් දක්වා ඇත.

ප්‍රකට සමාජ විශ්ලේෂකයකු වන ඔහු මෙසේ පවසයි.

''ලංකා‍ව ඉන්දියාවේ ප්‍රාන්තයක් වුනත් එයින් නරකක් වෙන්නෙ නැත. තවදුරටත් රටවල් පවතින්නේ නැත. පවතින්නේ ලෝකයන්ය. අපි සළකා බැලිය යුත්තේ ලෝකයට සම්බන්ද වෙන මාවත මිස රටක් විදිහට කඩාවැටෙන මාවත නොවේ.

තෙල් සහ විදුලිය යනු නූතන ආර්ති‍කයේ ජීවනාලියයි. මේ සැපයුම් දෙක අඩාල වුනොත් රටක් සම්පූර්ණයෙන් අගාධයට ඇද වැටේ. මෙතෙක් අත්පත් කරගත් සකලවිධ නූතනත්වයන් අත්හැර දමන්නට වෙයි.

බරපතල කාරණය වෙන්නෙ අපි බොහොම ලේසියෙන් ආපහු බරකරත්තෙට ගොඩවෙන ජාතියක් වීමයි. දැනටමත් අල්පේච්ඡ වීම, අපේ පරණ මුතුන්මිත්තන්ගේ ප්‍රතාපය ආදී කතා ඇහෙන්නට අරගෙන තිබේ.

 

මේ නිසා කවර හෝ කොන්දේසියක් යටතේ ඉන්දියාවෙන් මේ මූලික ප්‍රශ්න දෙක විසඳා ගැනීම අදට විතරක් නෙමෙයි ඔය කතා කරන අනාගත පරපුර වෙනුවෙන්ද වැදගත්ය. මේ පිළිබඳ හුදු අන්තවාදයන්ගේ එල්ලී නොසිටින විවෘත බුද්ධිමතුන් වාසි අවාසි පිළිබඳ සාකච්ඡා කළ යුතුය.

 

මෙහිදී මෙවන් විවෘත මනසක් ඇති අය කැඳවන්නට සිද්ද වෙන්නේද තුන්වන පාර්ශ්වයක් ලෙස බටහිරෙනුයි. අපේ රටේ එවන් බුද්ධිමතුන් නැති බව අපි නිහතමානීව පිළිගත යුතු වෙයි. අපේ බුද්ධිමතුන්ගේ තරම හිතාගන්නට අද අපි වැටී ඇති තත්වය සහ එයින් ගොඩඑන්නට ඒ අය වෙත ඇති සැලසුම් දෙස යන්තමින් බැලීම ප්‍රමාණවත්ය.

ඒ වගේම අපේ පෙට්‍රෝලියම් එක සහ විදුලි බල මණ්ඩලය හොඳටම කරපු හැටි තේරුම් ගන්න මේ ගත කළ කාලය හොඳටම ඇතිය.


සබැඳි ලිපිය :


සිස්ටම් චේන්ජ් - (චින්තන ධර්මදාස)

 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්