රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (27) දිනයේ රුසියාවට ගොස් ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව රුසියානු

තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද දිනයේ මෙරටට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට රුසියාවට යාමට නියමිතබව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ  (26) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබිණ.

මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී වාර්තාවූයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සමග රුසියාවේ හිටපු තානාපතිවරයකු වූ වෛද්‍ය සමන් වීරසිංහ ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට රුසියාවට යාමට නියමිත බවයි.

ඒ පිළිබඳව වෛද්‍ය සමන් වීරසිංහ ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුයේ රජය විසින් ඒ පිළිබඳව විදිමත් ආකාරයේ දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවයි.

'' සුසිල් ඇමතිතුමා එතුමා සමග රුසියාවට යන්න මට ආරාධනය කළා. මොකද මට රුසියා රජය සමග තිබෙන සමීප සම්බන්ධතා දන්නා නිසා වෙන්න ඇත.. ඒ ඇරෙන්න නිල දැනුම්දීමක් කර නැහැ. රටවල් දෙකක් අතර රාජ්‍යතන්ත්‍රීකව ගනුදෙනු කරන ආකාරයක් තියනවා. ඒ විදියට වැඩ කලොත් මේ වෙලාවේ අපට රුසියාවෙන් සහනයක් ගන්න බැරිකමක් නැහැ ..'' හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ වැඩි දුරටත් කියා සිටියේය.

මේදිනවල නිල සංචාරයක් සඳහා ප්‍රංශයට ගොස් සිටින සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා යලි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.


රුසියාවත් විදෙස් ණය ගෙවීමේ අර්බුදයක !


මේ අතර විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ, වසර 100කට පසුව පළමුවරට ස්වෛරී බැඳුම්කරයකට අදාළ ගෙවීම් පැහැරහැරීමට රුසියාවට සිදුව තිබෙන බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ බටහිර සම්බාධක හේතුවෙන් විදෙස් ණය හිමියන්ට මුදල් ගෙවීමේ මාර්ගය ඔවුන්ට ඇහිරී ඇති බවය.

2022 පෙබරවාරි මාසයේදී රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීය.

ඩොලර් මිලියන 100ක පමණ පොලීයක් මැයි 27 වනදා ගෙවීමට නියමිතව තිබූ අතර ඊට අදාළ සහන කාලය අද ගෙවී ගියේය.

මෙම තත්ත්වය ණය පැහැර හැරීමක් ලෙස සැලකෙයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වනවිට ක්‍රමක්‍රමයෙන් රුසියාව තුළ ආර්ථික, මූල්‍ය සහ දේශපාලන ගැටලු උත්සන්න වෙමින් පවතින බවයි. 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්