මෙරටට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සමග පරිසර අමාත්‍ය නසීර් අහමඩ් අද (27)

රාත්‍රියේ කටාර් රාජ්‍ය බලා පිටත්වයාමට නියමිතය.

අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු ඔවුන් දෙදෙනා ඇතුළු රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකු එසේ කටාර් රාජ්‍ය බලා පිටත්වයාමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.

එහිදී යම් කිසි කාලසීමාවකට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් කටාර් බලධාරීන් සමග සාකච්ජා කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

මෙම කටාර් සංචාරය සම්බන්ධීකරණය කරනු ලබන්නේ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් විසිනි.

 

රටේ පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාදීම සඳහා තමාට මැදිහත් විය හැකි බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

 

සෞදි අරාබියේ ඉන්ධන හා ඛනිජ සම්පත් පිළිබඳව කිං ෆහාඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන තමාට එම විශ්වවිද්‍යාලයේම උපාධිධාරියෙකු වන වත්මන් සෞදි අරාබියානු රජයේ ඛනිජ සම්පත් පිළිබඳ අමාත්‍යවරයා සමග සෘජුවම සම්බන්ධ වී අප රටේ ඉන්ධන අර්බුදයට විසදුම් ලබාගත හැකි මාර්ගයක් සකසා ගත හැකි බවත්, ඒ තුළින් නුදුරු අනාගතයේ දී රටේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත හැකි බවත් ඔහු එහිදී සඳහන් කළේය.

මේ අනුව කටාර් සංචාරයෙන් පසු ඔහු සෞදි අරාබියේ බලධාරීන් සමග සාකච්ජා කිරීමට එරටට යාමට නියමිත බව පැවසේ.



අද සිට ඉන්ධන ටෝකන් ක්‍රමයට…


 ඉන්ධන පෝලිමේ සිටින පුද්ගලයින් සඳහා අද සිට ටෝකන් පතක් ලබාදීමට පියවර ගෙන ඇතැයි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා සෑම ඉන්ධන පිරවුම්හලකටම පොලිසිය හා ත්‍රිවිද හමුදාව යොදවන බවයි.

පිරවුම්හල වෙත ඉන්ධන ලැබෙන ආකාරයට හා ටෝකන් ලබාදීමේ අනුපිළිවෙල අනුව ඉදිරියේ ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේ ඉන්ධන පෝලිම් වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.

ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසක් අයි.ඕ.සී සමාගෙමන් අද දිනයේ මිලට ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

පොදු ප්‍රවාහන සේවා, අත්‍යවශ්‍ය සේවා හා තෝරාගත් කර්මාන්ත සඳහා ඉන්ධන ලබාදීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

ඛනිජ තෙල් ඇමතිවරයා, ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙසට ජනතාව දැනුවත් කළ ද ඉන්ධන බලාපොරොත්තුවෙන් ප්‍රදේශ කිහිපයකම ජනතාව ඊයේ රාත්‍රියෙත් පෝලිම්වල රැඳී සිටියේ ය.

මේ අතර මිල ඉහළ දැමීමට එරෙහිව ඉන්ධන පිරවුම්හල අසලදී ජනතාව ඊයේ රාත්‍රී විරෝධාවල ද නිරත විය.

කොස්ගොඩ ඉන්ධන පිරවුම්හල් අසලදී ජනතාව විරෝධතාවයේ නිරත වූයේ පන්දම් දල්වමිනි.

ගාල්ලේ වඩු කාර්මිකයෝ ද විරෝධයේ නිරත වූහ.

290372438 400693338754678 8039672690195313634 n


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්