1200 x 80 DMirror

අද (ජූනි 27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජූලි 10 වන දා දක්වා අත්‍යවශ්‍ය සේවා පවත්වා

ගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය තිබේ.

ඒ අනුව සෞඛ්‍ය, ආරක්ෂක, විදුලිබල, අපනයන කර්මාන්ත ආදී ක්ෂේත්‍ර සඳහා පමණක් ලබන 10 වැනිදා දක්වා ඉන්ධන නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

ඉන්ධන පිරවුම්හල් වලින් පෞද්ගලික අංශයේ වාහන සඳහා මෙම කාලය තුළ  ඉන්ධන නිකුත් නොකරන බවද ඔහු කීවේය.

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හලවලින් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

රට තුළ පැනනැගී ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අද (27) පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්, ඒ අනුව අත්‍යවශ්‍ය සේවා  සඳහා පමණක් ඉන්ධන නිකුත්  කිරීමට එහිදී  තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.



පවතින තත්ත්වය හමුවේ අන්තර් පළාත් අතර සංචාර කටයුතු අත්හිටුවීමට සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.



මේ අතර ජුලී මස 10 වෙනිදායෙන් පසුව අඛන්ඩ ඉන්ධන සහ ගෑස් සැපයීමට අවශ්‍ය කටයුතු නිසි ක්‍රමවේදයක් අනුව සිදුකිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

මෙය රට වැසීමක් නොවන බවත් හැකිතාක් නිවසේ සිට කටයුතු කරන ලෙස මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේය.


දුම්රිය ධාවනයට හෙට සාමාන්‍ය පරිදි

හෙට (28) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසයි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය