1200 x 80 DMirror

 
 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනට ඔහුට හිමි ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි

ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

බැසිල් රාජපක්ෂ තමන්ගේ මෙම තීරණය පසුගියදා පොහොට්ටුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ හෙළිදරව් කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් 'දේශය' පුවත්පතට ප්‍රකාශකර තිබේ.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරිය නොහැකි වන විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට තීන්දු කිරීමත් සමඟ බැසිල් රාජපක්ෂ තමන් දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය.

 ඊට හේතු වූයේ ඔහු ශ්‍රී ලංකාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තකු වීම නිසාය.

එහෙත් ඉන් අනතුරුව සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් සමඟ කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුව බැසිල් රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්ව තවදුරටත් මෙරට දේශපාලනයේ නිරතවීමට තීන්දු කර ඇති බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා 'දේශය'ට වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.


(deshaya.lk)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා