රට තුළ ඇති අර්බුදය භාවිතා කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවලට අත තැබීමට පාලකයන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු

මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්වය පුනරුදයක් කරා ගෙනයනවා වෙනුවට ඉතිරි වූ දේත් අහිමි කර අර්බුදයෙන් අර්බුදයට ගෙනයාමට ඔවුන් කටයුතු කරමින් සිටින බව පවසන වීරවංශ මන්ත්‍රීවරයා, පවතින කසිකබල් පාලනය වෙනුවට සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවා දැන්වත් මෙම තත්වය වෙනස් කළ යුතු බව සඳහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මේ බව පැවසුවේ ඊයේ  (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් ඛනිජ තෙල් නිපදවන රටවල සමාගම්වලට ලබාදීමට සිදුවන බවට විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර කළ ප්‍රකාශයේ අදහස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසා දැමිය යුතු බවදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, අමාත්‍යවරයාට අනුව විදේශීය සමාගම්වල ආධිපත්‍යය අහිමි කිරීමේ අරමුණින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කර ඇත්තේ වරදක් බව ද පැවසීය.

 

අර්බුදයට හේතුව ඛනිජ තෙල් බෙදාහැරීමේ වගකීම රජයේ සමාගමක් සතුව පැවතීම නම් ඉන්දියන් තෙල් සමාගමෙ සතු පිරවුම්හල්වල හෝ ඉන්ධන තිබිය යුතු බව කී වීරවංශ, වෙනත් රටක සමාගමක් පැමිණියත් තමන්ගේ රටේ ඩොලර් වියදම් කර තෙල් ලබාදෙනු ඇතැයි සිතිය නොහැකි බව සඳහන් කළේය.

 

වෙන අවස්ථාවක මෙවන් ප්‍රකාශයක් කළේ නම් තෙල් සංස්ථාවේ සේවකයන් පාරට බසින බව කී මන්ත්‍රීවරයා සාමාන්‍ය තත්වයකදී අත තැබිය නොහැකි තැන්වලට අත තැබීම සඳහා පාලකයන් ආපදාව භාවිතා කරමින් සිටින බව කීවේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට එන විට එනවිට කොටසත් තුළ තිබූ බලාපොරොත්තුවත් දැන් නැත්තටම නැතිවී ඇතැයි කී මන්ත්‍රීවරයා, රටට භාරකාරයෙක් නැති ආකාරයෙන් ඉදිරියට යාමට දිය නොහැකි බව ද පැවසීය.

ඉදිරියේදී විදුලිය කප්පාදුව පැය 10ක් පමණ වුවහොත් රජයට තනිව විදුලි සැපයුම කළ නොහැකි බව කියා ඉන්දීය සමාගමකට එය ද දිය හැකි බව හෙතෙම කීය.

ආණ්ඩුවේ ප්‍රධානීන් ඇතුළු මැති ඇමතිවරු අර්බුදය භාවිතා කර රට ඉන්දියානු ප්‍රාණ ඇපයට ඇදගෙනයමින් සිටින බවත්, ජාතික සම්පත් කුණුකොල්ලයට විකුණා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලෙස ලබාදීමේ මානසිකත්වයෙන් සිටින පිරිසකට තවදුරටත් පාලනය භාරදී සිටීම භයානක බවත් ඔහු සඳහන් කළේය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්