ඉන්ධන හිගයට පිළියමක් වශයෙන් 26 දා සිට යාපනයේ අශ්ව කරත්ත සේවාවක් ආරම්භ කොට ඇති බව මාධ්‍යවේදී දිනසේන රතුගමගේ වාර්තාකරයි.



දැනට ලන්ඩනයේ සේවය කරන යාපනයේ ආනේකෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරයෙක් විසින් මෙම නව අශ්ව කරත්ත සේවය ආරම්භ කොට ඇත.

යාපනයේ අශ්ව කරත්ත සේවාව ආරම්භ කරමින් එහි ප්‍රථම සේවාව ලබා ගන්නා ලද්දේ යාපනය රදගුරු නිවසේ පූජකවරු කීප දෙනෙකි.

horse 001horse 002

අතීතයේ දී පාර කරත්තයට ම සින්න වූ යුගයක් තිබිණි. එක්දහස් අටසිය ගණන්වල දවසකට වතාවක් ගාලු පාරේ දිවූ අස්ස කෝච්චිය හැර පාරේ අයිතිය තිබුණේ කරත්තකාරයන්ට ය.

 අශ්ව කෝච්චිය අශ්වයන් දෙදෙනකු මගින් ඇදගෙන ගිය, තැපැල් මලුවලට අමතරව හයදෙනකුට ආසන පහසුකම් තිබුණු, ඉහළ පන්නයේ කාසිකාරයන්ට පමණක් ගමන් කළ හැකි, ඉතා දුෂ්කර පන්නයේ වාහනයක් බව ආර්. එල්. බ්‍රෝහියර් SEEING CEYLON (බ්‍රෝහියර් දුටු ලංකාව පරිවර්තනය: අභය හේවාවාසම්) සහ විලියම් නයිටෝන් FOREST LIFE IN CEYLON (ලක්දිව වන සැරිය පරිවර්තනය: මනෝ ප්‍රනාන්දු) යන ලේඛකයෝ සිය කෘතිවල විස්තර සහිතව සඳහන් කරති.

ප්‍රභූවරු පාරේ දෝලාවලින් ගියහ. කොළඹ නම් සල්ලිකාරයන් ආසනයක් මත හිඳුවා ඇදගෙන යන්නට රික්සෝකරුවෝ සිටියහ.

එක්දහස් අටසිය ගණන්වල දුම්රිය සේවය පැමිණීමෙන් ගමනාගමනයේ විප්ලවීය වෙනසක් සිදු විය. ට්‍රෑම් කාර් සේවයේ පැමිණීම ද ගමනාගමනය පහසුවීමට හේතුවිය. (එහෙත් ට්‍රෑම්කාර් සේවය කොළඹට සීමා විය.) අශ්ව කරත්ත තිබුණ ද ඒවායින් ගමන් කළේ වැදගත් යයි සම්මත ඉහළ පන්තියේ අය පමණි. මේ කවර කාරණයක් යටතේ හෝ කරත්තකාරයෝ තවත් කලක් ගතවෙන තුරු පාරේ අයිතිකාරයෝ වූහ.

විසිවන සියවසේ මුල් භාගයේ දී පවා කරත්තකරුවන්ට තිබූ බලය සනාථ වන්නේ 1906දී ප්‍රථම සංවිධිත වැඩ වර්ජනය පවත්වා ජය ගැනීමට කරත්තකරුවන්ට හැකි වීමෙනි. කරත්තකරුවන් පන්දහසක් පමණ සහභාගී වූ මෙම වැඩ වර්ජනය නිසා කොළඹ වෙළඳ කටයුතු සම්පූර්ණයෙන් ම අඩාළ වූයේ ලු.

මේ අවධිය වන විට ට්‍රෑම් කාර් මෙන් ම මෝටර් රථ ද මහමඟට අවතීර්ණ වී තිබිණි. කරත්තකරුවන් නිදි කිර කිර ගොනුන්ගේ ඉව මත කරත්ත දැක්කීම නගර සභාවට ගමනාගමනය විධිමත් කිරීම සඳහා හිරිහැරයක් ව තිබිණි. නගරසභාව අලුත් නීතියක් ගෙනාවේ ය. ඒ වියගහේ, බෝන්ලීයේ හෝ කරත්තයේ කොටසක වාඩිවීම කරත්තකරුවන්ට තහනම් කිරීමයි.

අලුත් නීතියට එරෙහිව වර්ජනයේ යෙදුණු කරත්තකරුවෝ අලුත් නීතිය ඉවත් කරන තුරුම වැඩවර්ජනය අත් නොහළහ. මෙම වර්ජනය සඳහා ‘ජෝන් කොතලාවල’  (සර් ජෝන් කොතලාවලගේ පියා) නායකත්වය දුන් බව සඳහන් වේ. (මෙම වර්ජනය පිළිබඳ විස්තර ‘කුමාරි ජයවර්ධනගේ’ ‘ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ නැගීම’ කෘතියේ සඳහන් ය.) කුමාරි ජයවර්ධන සඳහන් කරන ආකාරයට 1919 දී කරත්ත 23000 ක් පමණ තිබිණි.



(ජායා - lankasara.com)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්