ශ්‍රී ලාංකික LGBTQ ප්‍රජාවගේ අයිතිය සම්බන්ධයෙන් වූ කතිකාවක් ජූනි මස 30 වෙනිදා සවස 5.30 ට

'ෆ්‍රීඩම් හබ්' (FreedomHub) පරිශ්‍රයේදී පැවැත්වෙන බව සංවිධායකයින් විසින් දැනුම් දී සිටියි.

ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ විට මේ මාසය පුරා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීම දක්නට ලැබෙන්නකි.  

ෆ්‍රීඩම් හබ්'  විසින් මාසිකව සංවිධානය කෙරෙන FreedomHub Expression වැඩසටහනෙහි ජූනි මාසය වෙනුවෙන් LGBTQ කතිකාව සංවිධානය කර ඇත්තේ ඊට සමගාමීවය.

මෙම කතිකාවත සඳහා ශ්‍රී ලාංකික LGBTQ ප්‍රජාව වෙනුවෙන් හෑෂ්, උමංගා, බ්‍රැන්ඩන් ඉන්ග්‍රම් හා විශාකේස චන්ද්‍රසේකරම් සහාභාගී වීමට නියමිත අතර මෙහෙයවීම ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක චින්තන ධර්මදාස විසින්ද සිදුකෙරෙයි.

fh

" වැඩිහිටියන් අතර එකිනෙකාගේ කැමැත්ත ඇතිව ‍සිදුවන සමලිංගික සබඳතා පාලනය කරන යල් පිනූ වික්ටෝරියානු නීති ඉවත් කිරීම සඳහා වූ අරගලයේදී LGBTQ ව්‍යාපාරයට සහාය හා දිරි ගැන්වීම සැපයීම මෙම කතිකාවෙහි අරමුණ වෙයි.

එමෙන්ම ලිංගික නැඹුරුව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වාර්ගිකත්වය, කුලය හෝ ආගම කුමක් වුවත් සියලු මනුෂ්‍යයන්ට සමාන ලෙස සැලකිය යුතු අතර  සියලු ආකාරයේ විවිධත්වයන්ට ගරු කළ යුතුය යන්න අවධාරණය කිරීම වෙනුවෙන් මේ වැඩසටහනේ මූලික කාරණයක්  බව 'ෆ්‍රීඩම් හබ්' සංවිධායකයින් පවසයි.

LGBTQ ප්‍රජාව යනු තවමත් ලංකාව ඇතුලු බොහෝ රටවල් වල බියෙන් ජීවත් වන සමාජ කොටස් බව නොරහසකි. දියුණු යැයි සලකන බොහෝ සමාජයන් තුල ද LGBTQ ප්‍රජාවට තවමත් හිරිහැර හා අපයෝජනයට ලක් වෙයි. තවමත් ඔවුන් සමාජය කොන් කරනවා පමණක් නොව, සමහර අවස්ථාවන් වල දී දුෂණය කර, මරා දැමු අවස්ථා ද ඕනෑ තරම් ඉතිහාසය තුල ඇත. මෙම  මාතෘකාව ආගමික, සංස්කෘතික හා සාමාජීය පදනම මත ඉතාම සංවේදි වුව ද පොදු සමාජ යහපත සදහා මේ ගැන පුළුල් සංවාදයක් අවශ්‍ය වී තිබේ.



LGBTQ යනු කුමක්ද?

Lesbian (සමලිංගික කාන්තාවන්)
Gay (සමලිංගික පිරිමි)
Bisexual (ද්වි ලිංගික)
Transgender (සංක්‍රාන්ති ලිංගික)
Queer (අනෙක්)

මේ සෑම ලිංගිකත්වයක්ම මෑතක් වන තුරු මානසික රෝග ලෙස වෛද්‍ය ප්‍රජාව ද සැලකීය. එය මානසික රෝගයක් යැයි තව දුරටත් පිළි ගන්නා වෛද්‍යවරුන් සිටියත් නවීන සංකල්පය නම් එය උපතින් ඇති වන මානසික හා කායික හැඩගැසීමක් බවයි. කුමන තර්කය අප පිලි ගන්නේ ද යන්න මෙම සංවාදයට අනවශ්‍ය වන්නේ, ලිංගිකත්වය හා ස්ත්‍රි/ පුරුෂභාවයේ දිශානතිය (sexual / gender orientation) යනු කෙනෙකුගේ පෞද්ගලික කාරණාවක් මිස එය ඔවුන් වෙනස්කොට සැලකීමට කිසිවෙකුට අයිතියක් ලබා ‍නොදෙන නිසාය. (Not an invitation to abuse).


 ''අපිට සැබෑ අයිතියක් තියෙනවා රටේ ප්‍රශ්න ගැන කතා කරන්න.''

රාජපක්ෂ රෙජීමය රටේ අන් ජන කොටස් මෙන්ම LGBTQ ප්‍රජාව ද පීඩාවට පත්කළ අතර දැනට පවතින ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳිය නොහැකි නිසා නව නායකත්වයක් අපේක්ෂා කරන බව LGBTQ ප්‍රජාව පවසති.

රටේ ප්‍රශ්න ගැන කතා කිරීමේ අයිතියක් තමන්ට ද ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

LGBTQ ප්‍රජාව සංවිධානය කළ සමරිසි අභිමානී (pride-parade) ජුනි 24 වැනිදා කොළඹ, කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සිට ගාලු මුවදොර අරගල භූමිය දක්වා ගමන් කරන ලදී.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්