1200 x 80 DMirror

එරෝෆ්ලොට් (Aeroflot)  රුසියානු ගුවන් යානය සම්බන්ධයෙන් වූ නඩුව පිළිබඳ මෙරට අධිකරණයක් මගින් තවදුරටත් නියෝග නිකුත් කරන්නේ නම්, එය

දෙරට අතර පවතින ගිවිසුම්වලට අගතිදායක විය හැකි අතර ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්තිවලට ද පටහැනි බැවින් එම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග හමුවේ පෙරේදා (ජූනි 28) ඉල්ලා සිටියේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම ඉල්ලීම කළේ ය.

මෙම නඩුවේ පැමිණිලිකාර සමාගම වන අයර්ලන්ත සමාගම විසින් බලය අයුතු ලෙස පාවිච්චි කරමින් අධිකරණයට කරුණු වසන් කරමින් ගුවන් යානය මෙරටින් පිටවීම් වළක්වාලන වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ වන විට අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණ නියෝගය විසුරුවා ඇති බැවින් මෙම නඩුව ද තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණය විසුරුවා හැර එම ගුවන් යානය රුසියාව වෙත ගමන් කළ නමුත් මේ වන තෙක් වෙනත් කිසිදු රුසියානු සමාගමකට අයත් ගුවන් යානයකට මෙරටට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට විත්තිකාර ඒරොෆ්ලොට් ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.

සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් බැවින් ලබන පස්වන දින සිට විමසීම ආරම්භ කර කරුණු සලකා බලා අනතුරුව නියෝගයක් නිකුත් කරන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. ඒ අනුව මෙම නඩුව නැවත ලබන ජූලි මස 5 වන දින කැඳවීමට නියමිත ය.


(mawbima.lk)

සබැඳි පුවත් :

රුසියානු ගුවන් යානයක් රඳවා ගැනීම : බරපතල රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් !

ශ්‍රී ලංකාව හා රුසියාව අතර බරපතල මතභේදයක් !- එරෝෆ්ලෝට් ගුවන් ගමන් අත්හිටුවයි !


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය