1200 x 80 DMirror

අවස්ථා කීපයකදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) මගින් ඩොලර් මිලියන 3,750ක විදේශ ණය ලබා ගෙන ඇති බව කෝප් කමිටු වාර්තාවකින් අනාවරණය වේ.


මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී මෙම කරුණු හෙළිවී ඇති අතර 2022 ජූනි 10 වෙනිදා එම වාර්තාව නිකුත් කර තිබේ.

එයින් හෙළිවී තිබෙන්නේ 2013 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 03ක ණය ලබා ගෙන ඇති අතර ඒ සඳහා භාණ්ඩාගාර ඇපකරයක් ලැබී ඇති බවය.

ඊට අමතරව 2018 සැප්තැම්බර් 17 වෙනි දින කල් පිරුණු ඇමරිකන් ඩොලර් මිලියන 750ක බැඳුම්කර බැංකුව මගින් නිකුත් කර තිබූ බවද හෙළිවී ඇත. එයින් ඩොලර් මිලියන 100ක ණය ආපසු ගෙවීම සඳහා ජර්මනියේ කොමර්ස් (Commerz Bank) වසර 03කින් ආපසු ගෙවීමට විදේශ ණය ලබා ගෙන ඇති බව කමිටු විමර්ශනවලදී හෙළි වී තිබේ.


ඩොලර් මිලියන 201ක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට :



ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ලබා ගෙන තිබෙන ඩොලර් මිලියන 750 ණය මුදලින් ඩොලර් මිලියන 201ක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ලබාදී ඇත.

එම ණය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් බැංකුවට ලබා ගැනීමට නොහැකි වී ඇති අතර අදාළ ණය ප්‍රතිව්‍යූහ ගතකර තිබේ. එය ආපසු අය කර ගැනීම 2023දී ආරම්භ වීමට නියමිතවී ඇති අතර 2031 දක්වා කාලය තුළ ඩොලර් මිලියන 201ට අදාළව බැංකුව විසින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් අපාසු අය කර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.

image 3


(lankatruth.com)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය