theleaderlk 01

ලංකා බැංකුවේ හිටපු මහ කළමනාකරු සෙනරත් බණ්ඩාරව කැබිනට් මණ්ඩල තීරණයක් මත යැයි කියමින් එම තනතුරෙන් ඉවත් කිරීමේදී ඔහුගේ ඉතිරි

සේවා කාලය සඳහා රුපියල් ලක්ෂ 302ක මුදලක් අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද පෙත්සම ජුලි 01 වැනිදා නැවත කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.


ඒ සීඒ රිට් 106/2022 නැමැති එම පෙත්සම ජුනි 16 වැනිදා කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ලංකා බැංකු සේවක සංගමය, එම සංගමයේ ලංකා බැංකු ශාඛාවේ සභාපති අනුරාධ පීටර් හා එහි ලේකම් ධනංජය සිරිවර්ධනය.

මෙම පෙත්සමෙන් කියා ඇත්තේ ලංකා බැංකුවේ මහ කළමනාකරු වශයෙන් සේවය කළ සෙනරත් බණ්ඩාරව හේතු විරහිතව කැබිනට් මණ්ඩල තීරණයක් යැයි කියමින් එම ධුරයෙන් ඉවත් කිරීමට බැංකුවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බවත්, එම තනතුරෙන් ඉවත්ව යෑම සඳහා තවදුරටත් තමාට ඇති සේවා කාලය වෙනුවෙන් මහ කළමනාකරු ඉල්ලන ලද රුපියල් ලක්ෂ 302ක මුදලක් ඔහුට ගෙවූ බවත්, එවැනි මුදලක් ගෙවීමේ හිමිකමක් බැංකුවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට නැති බවත්ය.

එසේ ගෙවූ මුදල නැවත ලංකා බැංකුවට ලබා ගැනීමට කටයුතු කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා බැංකුවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, එහි ඉහළ කළමනාකාරිත්වය, මුදල් ඇමතිවරයා හා එම අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකුවේ අධිපතිවරයා හා මුදල් මණ්ඩල සමාජිකයින් හා නීතිපතිවරයාය.■


(ලසන්ත රුහුණගේ- anidda.lk)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

නවතම පුවත්