ජනාධිපති ගෙදර යැවීම සදහා දකුණේ අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී, නාවික හමුදාව විසින් උතුරේ දෙමළ ජනයාට අයත් භූමියක් අත්පත් කරගැනීමට

දැරූ තවත් උත්සාහයක් දෙමළ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ විරෝධය හමුවේ අසාර්ථක වී තිබේ.

යාපනයේ, කරෙයිනගර් නීලන්කාඩු ග්‍රම සේවා වසමේ පදිංචි පවුල් 40 ට අයත් ඉඩම් අක්කර 51ක භූමියක් නාවික හමුදා කඳවුරක් පුළුල් කිරීම සදහා මැන වෙන් කිරීමට ජුනි 28 අගහරුවාදා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ  බලවත් විරෝධය හමුවේ මැනීම් කටයුතු සිදු නොකරම ආපසු හැරී යන්නට සිදුව තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයන්ද ඒ අතර වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

නාවික හමුදා කදවුර පුළුල් කිරීම සදහා තම ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කරන ඉඩම් හිමියන් පවසන්නේ තමන්ට යළි එම භුමියේ පදිංචි විමට සහ වගා කටයුතු වෙනුවෙන් එම ඉඩම් අවශ්‍ය බවයි.

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ උත්සාහයන් රැසක්ම පසුගිය සමයේ ක්‍රියාත්මක වු බව උතුරේ වාර්තාකරුවෝ  වැඩි දුරටත් පවසති.

ols

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්