වසර ගණනාවක් පුරා සිරගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ආණ්ඩුවට නැවතත් ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.



''දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා ඒ අයගේ දෙමාපියෝ දැන් දහස් වතාවක් විතර ආණ්ඩුවෙන් ඉල්ලා තියෙනවා. ජාත්‍යන්තරයේ අවධානය ලක් වෙනකොට ආණ්ඩුව දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා කියලා පොරොන්දු වෙනවා. නමුත් නිදහස් කරන්නේ නැහැ,'' යැයි දෙමළ දේශපාලන සිරකරුවන් ගැන මාධ්‍යයට අදහස් දක්වමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි.

 

රටේ විවිධ බන්ධනාගාර වල දැනට දෙමළ දේශපාලන සිරකරුවන් ලෙස හැටකට වැඩි පිරිසක් සිරගතව සිටින අතර මානව හිමිකම් සංවිධාන වාර්තා කර ඇත්තේ ඉන් බොහෝ දෙනකු කිසිදු නඩු විභාගයක් නොමැතිව වසර ගණනාවක් රඳවා ගෙන සිටින බවයි.

 

''දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතියෝ තමන්ගේ අයව ගෙදර එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන්වත් මේ අයව නිදහස් කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ.''

යුද සමයේ තම දේපොළ හා සමීපතමයන් අහිමි වී ඇති දෙමළ දේශපාලන සිරකරුවන්ගේ හා අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ඇතුළු පිරිස්  පවතින ආර්ථික අර්බුදය හමුවේ දරිද්‍රතාවෙන් පෙළෙන බව සතිවේල් පියතුමා පෙන්වා දෙයි.


''අතුරුදහන් කළවුන්ගේ ඥාතින් යුක්තිය ඉල්ලා අඛණ්ඩව උද්ඝෝෂණය කරගෙන යනවා. පාලකයෝ කරන්නේ බොරු පොරොන්දු දීලා මේ අය රවට්ටන්න. ජාත්‍යන්තර සංවිධානත් මේ අය ගැන සැලකිල්ලක් නැහැ. දැන් වෙනකොට සියයකට වැඩි ගානක් මේ උද්ඝෝෂණය කරන මව්වරු මියගින්, තවත් අය අසනීපයෙන් ඉන්නේ. ඒත් ඔවුන් සටන අත්හරින්නේ නැහැ.''



සබැඳි පුවත් :

LTTE සිරකරුවන් නිදහස් කරන්නයි ජනාධිපති කොමිසමකින් නිර්දේශයක් !


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්