ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අමාත්‍යවරයා පට්ටපල් බොරුවකින් වැඩ ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ ප්‍රධානි රජිත් කීර්ති

තෙන්නකෝන් පවසයි.

හිටපු ආණ්ඩුකාරවරයකු වන තෙන්නකෝන් එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණන පද්ධතියට අලුත් ඇමති ධම්මික පෙරේරා විසින් ලබා දුන් බව පුවත්පත්, වෙබ් අඩවි රැසක් වාර්තා කර තිබුණි.  මේක මාධ්‍ය සංදර්ශනයකි.

jsk

මෙහි පහත පළකර ඇත්තේ ජූනි 08 දින මම ගරු ජනාධිපතිවරයාට, අගමැතිවරයා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගැටළුව ගැන ''පරිගණක සර්වර් එක ගැන'' ලියූ ලිපි දෙකයි.  

අග්‍රමාත්‍ය කාර්යාලයෙන් එයට පසුදින ප්‍රතිචාර ලැබුණු අතර, ජූනි 10 දින අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පුද්ගලිකවම මා සමඟ පැවසූවේ ‘සර්වර් හයර් කරන්න‘ ජනාධිපති ලේකම්, අගමැති ලේකම් විසින් අමාත්‍යාංශ ලේකම් වෙත උපදෙස් දුන් බවයි. එය ඇත්තක් බව දෙපාර්තමේන්තුවෙන් ද දැනගතිමි.

ජූනි 12 වන විට ආගමන විගමන කාර්යාලයේ දවසේ වාර දෙකකට සේවා සපයන්නට සුදානම්වෙනු මම දුටිමි. ආගමන විගමණ දෙපාර්තමේන්තුවට පරිගණක සර්වර් තුනක් හයර් කළ බව එහි සේවකයින් පැවසීය. ඇත්තටම වැඩේ සිද්ධ වුවේ එහෙමය.

 

ධම්මික පෙරේරා පරිගණක සර්වර් එකක් තමන්ගේ මුදලින් හයර් කළ බව අද පත්තරවල ඇත. මම නිශ්චිව වශයෙන්ම දන්නා තරමින් ජූනි 10 මාගේ ලිපියෙන් පසුව සර්වර් 3 ක් රටේ ජනතා බදු මුදලින් හයර් කර ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇත්ත ප්‍රශ්නය තිබුණේ, පරිගණන පද්ධතිය අලුත් කළ නමුත් සර්වර් අලුත් නොකිරීම නිසාය!

 

දැන් ධම්මික පෙරේරා හතරවන සර්වර් එකක් තමන්ගේ සල්ලිවලින් අරගෙන දී ඇති නම් ඒ ගැන ප්‍රශ්නයක් නැත.

ජූනි 8 මම යැවූ ලිපියට අගමැතිවරයාත්, ජනපති ලේකම්, අගමැති ලේකම් පසු දිනම ක්‍රියාත්මක වූ බවත් පරිගණක සර්වර් 3 ක් ගත්තේත්, සේවා මුර ක්‍රමයට ආගමන විගමණ වැඩ ඇරඹියෙත් ඒ නිසාය. 

 

තමන් කරන හොඳ දේ රටට කියන්නට අගමැති, ජනපතිට කාර්යාල දෙකට බැරිනම් ඒකෙන් අනාගත ජනාධිපතිවරු පිළිම නෙලා ගනු ඇත. එසේ නෙළු පිලියමක් මේ වන විට රටට කර ඇති විනාශය නැවත සිදු නොවිය යුතුය. අනුන් දැනටමත් විසඳා ඇති ප්‍රශ්නවලට ලකුණු දා ගැනීමට ඊටත් වැඩිය කුජීත වැඩකි.

 

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට යොමු කළ ලිපි :

2021 ජූනි 07 ආගමන විගමන දෙපාර්තමේන්තුව අගමැතිතුමාගේ ලිපිය page 0001

2021 ජූනි 07 ආගමන විගමන දෙපාර්තමේන්තුව අගමැතිතුමාගේ ලිපිය page 00022021 ජූනි 08 පාස්පෝට් කාර්යාලය පැය 24 විවෘත කිරිම ජනාධිපති ලිපිය page 00012021 ජූනි 08 පාස්පෝට් කාර්යාලය පැය 24 විවෘත කිරිම ජනාධිපති ලිපිය page 0002



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්