1200 x 80 DMirror

ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයකු පාර්ලිමේන්තුව හා රටේ ජනතාව නොමග යවමින්

අසත්‍ය ප්‍රකාශ කරන බවට උතුරේ දේශපාලනඥයකු චෝදනා කර තිබේ.

''යාපනේ නාග විහාරයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරන්න ගිහිං ඊට දෙමළ ජනතාව විරෝධය පෑවා යැයි හිටපු පොලිස් ඇමැති සරත් වීරසේකර කියලා තියෙනවා. ඒ ගැන මාධ්‍යවලත් පළ වෙලා තිබුණා. මේක පාර්ලිමේන්තුවයි රටේ ජනතාවයි නොමග යවන බොරුවක්,'' යැයි උතුරු පළාත් සභාවේ හිටපු සභානායක සී.වී.කේ.සිවඥානම් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු සභානායකයා කියා සිටියේ වසර 60ක් පුරා යාපනයේ නගරයේ පරිපාලනයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙස මෙම ප්‍රකාශය හෙළා දකින බවයි.



''මෙවැනි සිදුවීමක් නාග විහාරයේ ඇති වුනේ නැහැ ඒක බොරුවක්. අපි දශක කිහිපයක් පුරා නාග විහාරය සමග හොඳ සබදතාවයක් පවත්වනවා. නාග විහාරයේ බුදු පිළිමයක් තිබ්බා කියලා දෙමළ ජනතාව කවුරුවත් විරෝධය දක්වන්නේ නැහැ,'' යි සිවඥානම් ප්‍රකාශ කළේය.



''හින්දු දේවාල වල නටබුන් බෞද්ධ නටබුන් කියලා බෞද්ධ විහාර ඉදිකරන්න, හින්දු දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් ආගම් නමින් අත්පත් කරගන්න හදන වෑයමට නම් අපි විරුද්ධයි.''

දකුණු ඉන්දියාවේත්, ලංකාවේ උතුරු නැගෙනහිරත් දෙමළ බෞද්ධයන් විසු බවට ඉතිහාස සාක්ෂි මගින් සනාථ වන බව පෙන්වා දෙන උතුරු පළාත් සභාවේ හිටපු සභානායකවරයා පෙන්වා දෙන්නේ උතුරුකරයේ ඇති බෞද්ධ නටබුන් දෙමළ ඒවා මිසක සිංහල නොවන බවයි.

''බුද්ධාගම දකුණට පැමිණි වකවානුවේ දී යාපනේ දෙමළ ජනයාගේ සහභාගිත්වයේ වැදගත් කම කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සංඝමිත්තා මෙහෙණිය මාදගල් හරහා ඇවිත් අනුරාධපුරේට ගිහින් බෝධිය සිටවා තමයි බුද්ධාගම ව්‍යාප්ත කළේ.''

බුද්ධාගමේ නමින් පාරම්පරික දෙමළ වාස භුමි බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම වහා නතර කළ යුතු බව පවසන සිවඥානම් බිය ගැන්වීමෙන් හා අසත්‍ය ප්‍රචාරයන්ගෙන් දෙමළ ජනයාගේ අයිතීන් යටපත් කළ නොහැකි බව ද අවධාරණය කරයි.

''කේ.ඇම්.පී.රාජරත්න, ඇෆ්.ආර්. ජයසුරිය, ඇන්.කිව්.ඩයස්, සිරිල් මැතිව් වගේ සිංහල බෞද්ධ ජාතිවාදීන් ඉස්සර අපි දැකලා තියෙනවා. අද ඒ පාරේ යන විමල් විරවංශ, උදය ගම්මන්පිල, සරත් වීරසේකර ඉන්නවා. කොහොම නමුත්  බය කරලා අපිව නැති කරන්න හිතනවා නම් ඒක මේ අය දකින දවල් හීනයක්.''

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය