ජන පීඩක ආණ්ඩුව පන්නා දැමීමේ අරගලය දිරිමත් කිරීම සඳහා ජනතාව පෙළ ගැස්වීමේ
අරමුණින් යුතුව 'ජනතා නීතිඥ සංගමය' විසින් අද (ජුලි 01) දින
සංකේතාත්මක සත්‍යග්‍රහයක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබිණ.
ඔවූන් අද පෙරවරුවේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පදික වේදිකාවේ වාඩිලා ආණ්ඩුවට එරෙහිව සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය දක්වනු ලැබිය.
අනතුරුව කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටින් ආරම්භ වූ නීතිඥ ප්‍රජාවගේ පෙළපාලියට නීතිඥයින් විශාල පිරිසක් එක්ව සිටි අතර මෙම විරෝධතා වැඩසටහනට සිවිල් සංවිධාන සමූහයක් ද සහභාගී වි සිටියේය.
පෙළපාලිකරුවන් ජනාධිපති මන්දිරය වෙත එමින් සිටියදී ඔවුන් අවහිරකරමින් පොලිසිය විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ග බාධක යොදා තිබිණ.
එම අවස්ථාවේදී එම මාර්ග බාධක අසල සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කිහිප දෙනෙකු රාජපක්ෂ පාලනය ගෙදර යවන බවට සපථ කරමින් රටේ සියලූ ජන ප්‍රජාවට පාරට බහින ලෙසට ආරාධනා කළේය.
අරගලයට සහයදෙන සියලු පුරවැසියන් වෙනුවෙන් සෑම අවස්ථාවකම නීතිඥ සහය ස්වෙච්ඡාවෙන් ලබාදීමට කටයුතු කරන බවද ඔවුන් පවසා සිටියේය.
{gallery}Lawyers Protest-2022{/gallery}
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.