theleaderlk 01

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ශානුක කරුණාරත්න අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරයට පත්කර ඇත.



අද (01) දින සිට ක්‍රියාත්මකවන පරිදි එම පත්වීම සිදුකර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ  උපදෙස් මත අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසිනි.

පසුගිය දෙවසරේ A5 සහ NEXTV ඩිජිටල් මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති ප්‍රධානි ලෙස කටයුතු කල ශානුක කරුණාරත්න, නිවේදකයකු ලෙසද ප්‍රකටය.

 (2002-2004) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදක ලෙසත්,

ABC මාධ්‍ය ජාලයේ, ෂා fm -  සන්නිවේදක (2004-2007) ලෙසත්,

 හිරු නිව්ස් හි ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කාරක  (2007-2016) ලෙසත්,

සියත fm ප්‍රවෘත්ති ප්‍රධානි (2018) ලෙසත් ඔහු සේවය කර ඇත.

 ITN  මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (2019) ලෙසද ශානුක කටයුතු කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි මාධ්‍ය ලේකම් ලෙසද ඔහු සේවයකර තිබේ. 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්