1200 x 80 DMirror

ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ සැගව බවත්, ජනතාවගේ දුක ජනාධිපතිවරයාට දැනුම් දිය හැකි එකම ක්‍රමය ජනමාධ්‍ය පමණක් බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි පවසයි.

ආණ්ඩුව ජනමාධ්‍යට ඉන්ධන ලබා නොදී එම අවස්ථාවද අහිමි කොට ඇති බවත් ඔහු කියා සිටියි.

''මන්ත්‍රීවරු වෙච්ච අපිටවත් ජනාධිපතිව හම්බවෙන්න බෑ. හැංගිලා ඉන්න ජනාධිපතිට මිනිස්සුන්ගේ දුක කියන්න තියෙන්නේ ජනමාධ්‍ය විතරයි.. තෙල් ටික නොදී ඒකත් නවත්වන්නයි ආණ්ඩුව හදන්නේ.. මේක මහා විනාශයක් '' යයි හිටපු අමාත්‍ය චන්දිම ඊයේ (ජුලි 01) මාධ්‍ය හමුවේ පැවසිය.


ජුලි 07 ජුලි 07යි !


තවදුරටත් රට අරාජික තත්ත්වයට පත් නොකර ජූලි මස 07 වන විට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙස දන්වමින් ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලියුමක් මගින් දැනුම් දී තිබේ.

එසේ ඉවත්ව නොයන්නේ නම්, මෙරට සියලු ම භික්‍ෂුන් වහන්සේ කොළඹට ඒකරාශී කර මෙම 7 දින සිට අඛණ්ඩ හා දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව ද එම භික්‍ෂු සංවිධානය සිය ලියුම මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

රට තුළ පවත්නා අර්බුදකාරී හා අරාජික තත්ත්වය සමනය කිරීම සඳහා වහා ම ක්‍රියාමාර්ගයක් ගන්නා ත්‍රෛනිකායික මහ නා හිමියන් වහන්සේලා ඒකාබද්ධ ප්‍රකාශනයක් අස්සන් කර කළ දැනුම්දීමට සුබවාදී ප්‍රතිචාරයක් හෝ නැඹුරුවක් ආණ්ඩුව වෙතින් නොදැක්වීම නිසා මෙම පියවර ගන්නා බව ද එම ලියුම මගින් පෙන්වා දී ඇත.

 
 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය