අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ කැබ් රථයට වන අලියෙකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන්

ඇන්තනි වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබේ.

ඊයේ රාත්‍රී සිදු වූ අනතුරෙන් ජැක්සන් ඇන්තනි සමග තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූහ.

ඔවුන් දෙදෙනා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේයි.

ජාතික රෝහලට මාරු කර එවූ ජැක්සන් ඇන්තනී මේ වනවිට හදිසි අනතුරු අංශයේ ප්‍රතිජීවන ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇත.

image 89d368c0aeimage 5000180a37image 4b94ed695f

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණ.

අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අයයි .

චිත්‍රපට රූගත කිරීමක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසයි.


 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්