1200 x 80 DMirror

 
 

'ජනතාවට පිළිතුරු පෙනෙන රජයට පිළිතුරු නොපෙනෙන මානය' - (නාලක ගොඩහේවා)



ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ රජය පවත්වන සාකච්චා අවසානයක් නොමැතිව දිගින් දිගටම ඇදෙන්නේ මේ වනතුරුත් රජය අර්බූදයෙන් ගොඩ ඒම සඳහා නිශ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කොට නැති නිසා බව හිටපු ජනමාධ්‍ය ඇමති  ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

 ඔහු එබව සඳහන් කළේ, "වත්මන් අර්බූදයට විසඳුම කුමක්ද ‘ යන මාතෘකාව යටතේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් සංවිධානය කොට තිබූ සාකච්ඡාවකදීය.

ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.

''අපට තිබෙන අර්බූදයට කෙටි කාලීණ විසඳුම යම් විදේශ ණයක් ලබා ගැනීම බව කවුරුත් දන්නවා. රජය IMF සාකච්ඡා වලින් බලා පොරොත්තු වෙන්නේත් එයමයි. නමුත් ණය ආපසු ගෙවීම පිළිබඳ දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් රජය ඉදිරිපත් නොකරනා තුරු අපට කිසිවෙක් ණයක් දෙන්නේ නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි දිගු කාලීන විසඳුම් සොයා ගත යුතුයි.  ඒ නිසා දැන්වත් කරුණු 4 ක් ගැන රජයේ ස්ථාවරය කියන්න ඕන.


# විදේශ ආදායම් වැඩි කරගන්නේ කොහොමද ?

# විදේශ වියදම් පාලනය කරගන්නේ කොහොමද ?

# දේශීය ආදායම් වැඩි කරගන්නේ කොහොමද ?

# දේශීය වියදම් පාලනය කර ගන්නේ කොහොමද ?



නමුත් මේ ආණ්ඩුව නිදහසට කාරනා කියමින් ඉන්නවා මිස මේ කරුණු ගැඹුරින් සාකච්ඡා කරනවා මට පෙනෙන්නේ නෑ.

කාලාන්තරයක් තිස්සේ විවිධ රජයන් විසින් කල වැරදි නිවැරදි කර ගැනීමට, අවස්ථාවක් කරගන්නට වර්තමාන ආර්ථික අර්බූදය යොදා ගන්නට ආණ්ඩුවට ස්වර්ණමය අවස්ථාවක් තිබෙනවා. වෙනදාට වඩා මේ වෙලාවේ දැඩි තීන්දු වලට ජනතාවගේ හා පාර්ලිමේන්තුවේ සහාය ගන්න පහසුයි.  නමුත් ඒ සඳහා අවශ්‍ය දැක්ම හා කැපවීම රජයට තිබෙනවාද කියා මා දන්නේ නෑ.

උදාහරණ‍යක් වශයෙන් රජයේ වියදම් පාලනය ගැන මම පොඩි අදහස් කිහිපයක් කියන්නම්.


2021 වසර වන විට අපේ අයවැය පරතරය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% ඉක්මවා තිබුනා. මෙය විශාල ගැටළුවක්. තිබෙන ණය වත් ගෙවා ගන්නට බැරි අවස්ථාවක අයවැය පියවන්නට දිගින් දිගටම මුදල් අච්චු ගැසීමෙන් වන්නේ රට තව තවත් අගාධයට යාමයි. ඒ නිසා දේශීය වියදම් පාලනය කර ගැනීම ගැන රජය විශාල අවධානයක් යොමු කල යුතුයි.


රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය විය යුත්තේ වියදම අඩු කිරීමටත් වඩා වියදම් පාලනයට හා නාස්තිය දූෂණය අවම කිරීමට උපරිම අවධානය යොමු කිරීමයි.

2021 වසරේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 3,521 ක් වුනා. මින් රුපියල් බිලියන 2,748 ක් වර්ථන වියදම් ලෙස හඳුනාගෙන තිබුන අතර ඒ තුල රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 1,115 ක්  වැය වී තිබුනා. පොලී ගෙවීම් රුපියල් බිලියන 1,048 ක් වුනා. එසේනම් වැටුප් හෝ පොලී නොවන වර්ථන වියදම රුපියල් බිලියන  585 ක් . රුපියල් බිලියන 774 ක් ප්‍රාග්ධන වියදම් .  

රාජ්‍ය වියදම් අතර වැටුප් හා පොලී අතහල විට ඉතුරුවන වර්ථන වියදම් හා ප්‍රාග්ධන වියදම් තුල සිදුවන මහා පරිමාණ දූෂණ හා වංචා අඩු කිරීමට කටයුතු කිරීමෙන් වාර්ෂිකව විශාල මුදලක් ඉතුරු කර ගන්න පුලුවන් බව රජයට සම්බන්ධ ඕනෑ කෙනෙක් දන්නවා.

 

රජයට අයත් ව්‍යාපාර 420 කට වඩා තිබුනත් මහා භාන්ඩාගාරය ඉන් වැදගත් කොට සලකන්නේ 52 ක් පමනයි. මේ ව්‍යාපාර අතු‍රින් ආයතන තුනක පමනක් 2021 වසරේ පාඩුව රුපියල් බිලියන 270 ඉක්මවනවා.

 

# විදුලි බල මණ්ඩලය, රුපියල්  බිලියන 21.4 ක පාඩුවක්
# ඛණිජ තෙල් සංස්ථාව,   රුපියල් බිලියන 82.2 ක පාඩුවක්
# ශ්‍රී ලංකන් ගුවන් සේවය, රුපියල්  බිලියන  170.7 ක පාඩුවක්



බොහෝ ආයතනවල පාඩුවක් නොපෙනෙන්නේ මහා භාන්ඩාගාරයෙන් වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදන නිසායි.

මේ නිසා රාජ්‍ය ව්‍යාපාර අතුරින් දිගින් දිගටම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ඉතා කඩිනමින් කල යුතු කටයුත්තක්. මේ ආයතන පවත්වාගෙන යාමෙන් රටට වෙන සේවයට වඩා විශාල හානියක් ඒවා පවත්වාගෙන යාමෙන් රටේ ආර්ථිකයට සිදුවෙනවානම් තවදුරටත් එම ආයතන පවත්වාගෙන යා යුතුද කියනා ප්‍රශ්ණය අපට අහන්නට සිදුවෙනවා.

මේ වන විට රජයට අයත් ව්‍යාපාර, අධිකාරීන් දෙපාර්තුමේන්තු හා තවත් විවිධ ආයතන 1000 කට වඩා තිබෙනවා. මේ බොහෝ ආයතන රජයට කිසිඳු ආකාරයක ආදායමක් ලබා දෙන්නේ නැති අතර රටේ කාර්‍යක්ෂමතාවට මේ ආයතන හා ඒවායේ සේවකයන් විශාල බාධාවක්ව පවතිනවා.

මේ වන විට රාජ්‍ය සේවකයන් 1,402,000 සේවයේ යෙදී සිටිනවා

අමාත්‍යාංශ හා දෙපාර්තුමේන්තු වල                  792,000
ප්‍රාදේශීය සභා හා පලාත්පාලන ආයතනවල.      390,000
රාජ්‍ය ව්‍යපාරවල                                                220,000


''2021 වසරේ මේ අය සඳහා වැටුප් හා දීමනා රුපියල් බිලියන 845 ක් වැයවුනා.''


මීට අමතරව විශ්‍රාමිකයන් 672,000 ක් සිටිනවා

2021 වසරේ මේ අය සඳහා විශ්‍රාම වැටුප් රුපියල් බිලියන 270 ක් වැයවුනා.

සමස්ථ වියදම ( 845+270 = ) රුපියල් බිලියන 1,115 ක් .  රාජ්‍ය ආදායමෙන් 80% ක්.

 

මේ ආකාරයට බලන විට ප්‍රමාණය ඉක්මවා සේවකයන් සිටිනා රාජ්‍ය සේවය රටට අනවශ්‍ය බරක් බවට පත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදීවත් රජය ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතුව තිබෙනවා.

 

# මේ රට සංවර්ධනය කරන්නට නම් රජය හැකි තාක් කුඩා කල යුතුයි. අනවශ්‍ය නීති රෙගුලාසි ලිහිල් කොට දියුණු රටවල මෙන් ව්‍යවසායකත්වයට වැඩි ඉඩක් දිය යුප්‍රතිපත්තිමය විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා රජයෙන් ලබාදෙන බලපත්‍ර සම්පූර්ණ විමර්ශණයකට ලක් කොට බලපත්‍ර අවශ්‍යතාවන් හැකි තාක් දුරට අඩු කල යුතුයි.

# රජයේ කාර්යාල හා නිලධාරීන් පහසුකම් සපයන්නන් මිස බලපත්‍ර නිකුත් කරන්නන් නොවිය යුතුයි.

# රටට සමාජයට විශේෂ  අගය එකතු කිරීමක් නොවෙනා සියළු තනතුරු ක්‍රමාණුකූලව අඩු කල යුතුයි.

# නැවතත් ඇසිය යුතු ප්‍රශ්නය රජයට ඒ සඳහා දැක්මක් හා කැප වීමක් තිබෙනවාද යන්නයි.


ඊලඟ මාස කිහිපය තවත් අමාරුයි කියමින් නිවේදන නිකුත් කරනවා වෙනුවට රජය කල යුත්තේ තම වැඩපිලිවෙල රටටත් අපේ ණ්‍ය හිමියන්ටත් ඉදිරිපත් කිරීමයි. එසේ වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරනා තුරු කිසිවෙක් අප ගලවා ගන්නට එන්නේ නැහැ.

IMF සාකච්ඡා දිගින් දිගටම ඇදෙන්නේත් රජය එසේ වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකරන නිසායි." ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58