1200 x 80 DMirror

ජුලි මස 8-9 සහ ජුලි 11-14 යන දිනයන් හිදී මෙරටට ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 බැගින් වූ ඉන්ධන නෞකාවන් දෙකක් මෙරටට ලඟා වීමට නියමිත බව

 බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසිය.

ඉන්දියාවේ IOC සමාගම ඇතුළු විවිධ සමාගම් හරහා සිදුකළ ඉල්ලීම් අනුව මෙම ඉන්ධන නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ ය.

මේ අතර ජුලි මස 22-23 යන දිනයන් හිදී LIOC සමාගම හරහා මිලදී ගනු ලැබූ පෙට්ට්‍රල් නෞකාවක් මෙරටට ලඟා වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.  

එම පෙට්ට්‍රල් නෞකාව වෙනුවෙන් මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවා ඇති බවත් ලබන ජුලි මස 08 වෙනිදාට තවත් ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.

එම නෞකාවට ගෙවීමට ඇති ඉතිරි මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල පියවීමට නියමිතව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියේ ය.

මේ අතර තවත් ඩීසල් නෞකාවක් මෙම මස 15-17 යන දිනයන් හිදී මෙරටට ලබාදීමට හැකි බව ලංකා IOC සමාගම සඳහන් කර සිටියි. ඒ සඳහා හෙට දිනයේදී ඇනවුමේ සීයයට 50ක් ගෙවන ලෙසත් ඉතිරි සීයයට 50 කොටස ලබන බදාදා වන විට ගෙවීමට කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.


පෙට්ට්‍රල් නෞකාවක් ???


කෙසේ වුවද මෙරටට ඉතා ඉක්මනින් පෙට්ට්‍රල් නෞකාවක් ලබා ගැනීමට ඇති හෙයින් ඒ සඳහා මුලික මුදලක් පියවීමට සිදුවන බැවින් මෙම ඩීසල් ඇනවුම සඳහා වටිනාකමෙන් සීයයට 30ක් පමණක් පියවීමට අවසර ඉල්ලා ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සඳහා ලංකා IOC සමාගමේ අවසර ලැබෙන අයුරින් ගෙවීම් කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර රටට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබා ගැනීම සඳහා මැලේසියානු රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බවත් එහිදී මැලේසියානු රජය විසින් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් ලබාදීමට අනුමැතිය හිමිව ඇති බවත් එම ඉන්ධන ඉක්මනින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසිය.

මේ අතර ජුලි මස 10-11 සහ අගෝස්තු මස 9-12 යන දිනයන් තුලදී මෙරටට බොර තෙල් මෙට්ට්‍රික් ටොන් 135,000 බැගින් වූ නෞකා දෙකක් ලඟා වීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියා. මෙම බොර තෙල් නෞකා දෙක ඉන්දියානු සමාගමක් හරහා සිදුකරයි.

මෙම ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 582ක් වැය වන බවත්, එය සොයා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවුවද ඒ සඳහා මුදල් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු පාර්ශව කිහිපයකගේ සහය ලබා ගැනීම බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්