මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වසර පහක කාලයක් අවම වශයෙන් ගතවන බවත්
ඉන් මෙහා මේ රට ගොඩනගන බවට කියන කතා නිශ්පල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
දින 5කින් මාස 5 කින් මේ රටේ පවත්නා ප්‍රශ්න ක්ෂණිකව විසඳිය නොහැකි බවත් තවදුරටත් මේ රටේ ජනතාව රැවැට්ටවවීමට හෝ ඇන්දවීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් එය අවාසනාවන්ත තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
හෙතෙම එබව කියා සිටියේ, විපක්ෂනායක කාර්යාලයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදීය.
වත්මන් ආණ්ඩුවට තවදුරටත් රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඔහු අවධාරණය කර සිටියේය.
දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් විපක්ෂය විසින් ජනතා අරගලය ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
මේ මොහොතේ රටට එරෙහි එක් කල්ලියක් හෝ පුද්ගලයකු ආරක්ෂා කිරීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කිරිම වෙනුවෙන් කැපවෙන ලෙස ඔහු ආරක්ෂක අංශවලින් ද ඉල්ලීමක් කර සිටියේය.
(lankadeepa.lk)
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.