ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි ගමන්ගත් කැබ් රථයේ ගැටුන වල් අලියා සෙවිම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වනජීවි සංරක්ෂණ

දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ උසස් නිලධාරියෙකු lankadeepa.lk වෙත පවසා ඇත.

තලාව මොරගොඩ හතේ කණුව ආසන්නයේදි පෙරේදා (02) රාත්‍රි 10.30 ට පමණ ජැක්සන් ඇන්තනි ඇතුළු තිදෙනකු ගමන් ගනිමින් සිටි කැබ් රථයේ ගැටිමෙන් මෙම වල් අලියා වාහනයේ බොනට්ටුව මත දෙවරක්ම පතිතවිම නිසා වන අලියාද බරපතල තුවාල ලබන්නට ඇතැයි විශ්වාශ කරයි.

ඒ අනුව මෙම වන අලියා මොරගොඩ ප්‍රදේශයේ උලුක්කුලම, විරවැව ප්‍රදේශයේ සොයා බැලිම සදහා අනුරාධපුර හා තලාව කාර්යාලවල සේවයේ නිරත නිලධාරින් ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් සෝදිසි මෙහෙයුමක නිරතව සිටිති.

වාහනයේ ගැටුන අලියා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබි නොමැති බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසිය.

 

සමාජ මාධ්‍ය අලියා - බෙංගාලයේ
 
lsko 
 
මෙම අනතුරින් තුවාල ලැබූ වන අලියාගේ ඡායාරූපයක් යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වන අතර එම ඡායාරූපයේ දැක්වෙන්නේ, 2019 වර්ෂයේ සැප්තැම්බර් මස ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ ජලපටිගුරි දිස්ත්‍රික්කයේ, දුම්රියේ එන්ජිමක ගැටීමෙන් අසාධ්‍ය ලෙස තුවාල ලැබූ වන අලියෙකු බව වාර්තා වේ. 

අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ එම වන අලියා ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වනජීවි බ්ලොග් අඩවියක් පෙන්වා දී තිබුණේ මෙලෙසින්.
 
elel

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්