වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශයක් සහ රුව සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රවර්ධනය කරමින්

පසුගිය සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

"ඒක වැරදියි කියන එක අපි අදාළ අපේක්ෂකයාගේ පක්ෂයට දැනුම් දුන්නා. ඒ එක්කම ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මේ ගැන කරුණු දක්වන්න කියලා අපි ලිපි යොමුකළා" යැයි අද (ඔක්තෝබර් 16) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය. 

72900241 2426513827591771 3291222340729307136 nවර්තමාන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම, ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුවත්පත් දැන්වීමක් පළ කිරීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අජිත් පි පෙරේරා අමාත්‍යවරයා විසින් පසුගිය 14 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරනු ලැබ තිබිණි.

ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ වර්තමාන යුද හමුදාපතිවරයාගේ මෙන්ම  විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම නුසුදුසු ක්‍රියාවක් බවය.

"පැරණි ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් වත්මන් යුද හමුදාපතිවරයාගෙ නිල නාමය සහ තනතුර යොදාගෙන ඒක භාවිතා කිරීම ඉතාම කණගාටුදායක කරුණක්. ඒ කරුණ කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියකට test 21

අනුගත වෙන්නේ නැහැ" මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය. 

මෙම දැන්වීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයක් නිකුත්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඔහු එසේ නොකළොත් එය ඔහුගේ අනුදැනුම මත සිදුවූවක් බව සිතීමට සිදුවන්නේ යැයි සඳහන් කළේය. 

 

 109253234 gettyimages 1164158027

                                                             යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

සතියක් පමණ ඇතුළත ජනාධිපති ලේකම්වරයා සහ  ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී කියා සිටියේය

"යුද්ධය, වීර ක්‍රියා කිසිදු පක්ෂයකට තනියම අයිති දෙයක් නෙවෙයි. කිසිදු පක්ෂයකට නැති අය මේ යුද්ධය වෙනුවෙන් සටන් කරලා තියෙනවා. යුද්ධයේදී ලැබූ ජයග්‍රහණ රටේ එකක් මිසක් පෞද්ගලිකව පක්ෂයක එකක් නෙවෙයි. ඒ නිසා එවැනි කරුණු යොදාගන්න එපා කියලා ඉල්ලීමක් කරලා තියෙනවා" යුද ජයග්‍රහණය මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදානොගන්නා ලෙස දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය. 

ඊයේ කොළඹදී පැවැත්වූ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව මාධ්‍යවේදීයෙකු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පැවසුවේ "ඒක අපෙන් කෙරිච්ච එකක් නෙවෙයි" යනුවෙනි. 

මේ අතර අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හැසිරෙන අකාරය ගැන දැඩි කණස්සල්ල පළකළේය. රුපවාහිනී ආයතනවල නම් සඳහන් නොකර එක් එක් අපේක්ෂකයාට ලබාදී තිබෙන ප්‍රචාරණ කාලය ගැන ප්‍රස්ථාර ඇසුරෙන් කරුණු දැක්වූ ඔහු මාධ්‍ය සමබරව කටයුතු නොකළහොත් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමර්ග ගැනීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක්ද කළේය. 

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්