ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂා සහිතව ඇමරිකාවට යාමට අවස්ථාව සලසා දීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු

මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

ජනාධිපතිවරයා අසරණ කිරීමේ බලාපොරොත්තුවක් නැති බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද මුළු රටම විරුද්ධ බව පවසන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා,  ජනාධිපතිවරයා අද කිසිඳු ජන පදනමක් නොමැති පුද්ගලයකු බව ද අවධාරණය කර සිටියි.

එබැවින් ජනාධිපතිවරයා ඔහුගේ විධායක බලතල පාර්ලිමේන්තුවට ලබාදිය යුතු මොහොත දැන් එළැඹ ඇතැයි ද හෙතෙම කියා සිටියි.

වත්මන් අර්බුදය නිමකිරීම සඳහා සර්ව පාක්ෂික පාලනයක් යටතේ මැතිවරණයක් පැවැත්විය යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එම කාරනා සඳහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(lankacnews.com)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්