සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මූලික එකගතාවක් ඇති වූ බව විපක්ෂනායක කාර්යාල ආරංචිමාර්ග

පවසයි.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරු 1.30 ට පාර්ලිමේන්තු කමිටු ශාලාවක පැවති එම සාකච්ඡාවට දේශපාලන පක්ෂවල නියෝජිතයින් 39 දෙනෙකුට ආරාධනා කර ඇති අතර 37 දෙනෙකු පැමිණ සිටි බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම එම පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඒ අතර වේ.

ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පමණක් ඊට සහභාගී නොවන බව දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

අධ්‍යාපන, සෞඛ්‍යය, බලශක්ති, ප්‍රවාහන, කෘෂිකර්ම යන ක්ෂේත්‍ර 05 සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල කුමක්ද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇත. 
 
ඒ අනුව හැකි ඉක්මණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් අතර මූලික එකඟතාවක් ඇතිව තිබෙන බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කර සිටියි.

වසරක් හෝ වසර එක හමාරක කාලයක් එම සර්ව පාක්ෂික ආණ්ඩුව යටතේ ක්‍රියාකර ඉන්පසු මැතිවරණයකට යාමට ද එහිදී යෝජනා වී ඇත. එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 120ත් 140ත් අතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබා ගැනීමට හැකි වනු ඇති බවට සාකච්ඡාවට එක්වූ නියෝජිතයින්ගේ අදහස වී තිබේ.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් 'නෙත් නිවුස් 'කළ කරුණු විමසීමකදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙසේ සඳහන් කළේය.



ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙසේද පැවසිය.



එම සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර 'නෙත් නිවුස්' කළ විමසීමේදී මෙසේ පැවසිය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්