කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුව සඳහා කිසිඳු අයුරකින් සහභාගී නොවීමට Black Cap Movement  සංවිධානය තීරණය

කර තිබේ.

අරගලයේ පාර්ශවකාර සංවිධානයක් වන  Black Cap Movement හි කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

මෙයට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරු සහ අරගලකරුවන් අතර ජානකී හෝටලයේ රැස්වීමට අප සහභාගීවුයේ එම රැස්වීම ආරම්භක එකක් වූ නිසා එහි අරමුණ සහ පදනම කුමක්ද යන්න විමසා බැලීමට සහ අපගේ පදනම සංවිවේදනය කිරීමටය. එමෙන්ම මූලධාර්මික වශයෙන් ඊට සහභාගී නොවීමට තරම් බාහිර සමාජ දේශපාලනික හේතුවක් එවක ගොඩනැඟී නොතිබිණි.

ගොඩනැඟී ඇති සමාජ දේශපාලන පරිසරය තුළ රමාඩා හෝටලයේ පැවැත්වෙන හමුව අරගලයේ අනාගතයට සිදුකල හැකි බලපෑම පිළිබඳව මේ මොහොතේ අප සියළු දෙනාටම තියුණු කියවීමක් අවශ්‍ය වන බව අපගේ අදහසයි.

ඊයේ දින (06) විපක්ෂයේ සියළු පක්ෂ සහ විමල් වීරවංශ, අතුරලියේ රතන ප්‍රමුඛ පක්ෂ 11 සාමාජිකයින් ඇතුළුව පවත්වන ලද සාකච්ඡාව පවතින සන්දර්භයක අභ්‍යන්තර දේශපාලනය හා බැඳුණු භූ දේශපාලනික බලපෑම පිළිබඳව ද අප කියවා ගත යුතුය.

අප මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කල යුතුය.

1. ගෝඨාභය රාජපක්ෂ සාධකය
2. නව සර්ව පාක්ෂික ආණ්ඩුව

 

විපක්ෂයේ සියළු පක්ෂ සහ විමල් වීරවංශලා ප්‍රමුඛ පක්ෂ 11 සහ ස්වාධීන මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායම මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීම සඳහා කටයුතු කරමින් සිටියි. ඔවුන් එම ආණ්ඩුව සෑදීමට යන්නේද 20 වන සංශෝධනය යටතේ පූර්ණ බලැති ගෝඨාභය රාජපක්ෂ යටතේය. ගෝඨාභය ඉවත් කිරීම සඳහා ඔවුන් සතුව පවතින පැහැදිලි වැඩපිළිවෙළක් මේ දක්වා සන්නිවේදය කර නැත.

 

එවැනි තත්ත්වයක අරගලකරුවන් සහ විපක්ෂය අතර විපක්ෂයේ ප්‍රාග්ධනයෙන් හෝටල් තුළ කුමන සාකච්ඡාවක් පැවැත්වුවද ගෝඨාභය නොඑළවා ගොඩනැගීමට යන ඔවුන්ගේ සර්ව පාක්ෂික ආණ්ඩු ක්‍රියාදාමයට අරගලයේ සහය හිමිවූ බවට ඔවුන් මතයක් ගොඩනැගීම නොවැළැක්විය හැකිය.

මේ මොහොතේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීම හෝ අවම වශයෙන් පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් හරහා ඔහුගේ බලය උපරිම ප්‍රමාණයකින් කප්පාදු නොකර කඩිමුඩියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් විපක්ෂය සහ වීරවංශ පාර්ශවය එක්කරමින් පූර්ණ බලැති ගෝඨාභය රාජපක්ෂ යටතේම ගොඩනගන්නේ කවර භූ දේශපාලනික වුවමනාවක් මතද යන්න ද අප සිතා බැලිය යුතුය.

එවැනි රජයක් ගොඩනැගීමට යන පසුබිමක විපක්ෂය සහ අරගලකරුවන් ගේ සාකච්ඡාමය ක්‍රියාදාමය සිදුවූ පසුව ඒ ගොඩනැගෙන රජයට 'අරගලය දේශපාලනිකව චෙක් මේට් වීම' නොවැළැක්විය හැකිය. එවැනි රජයක් ඔවුන්ගේ නැවත සුපුරුදු ක්‍රමයම අලුත් වටයකින් ගෙන යද්දි අරගලයේ පැවැත්මද අහෝසි කරගෙන අපට සිටීමට ද සිදුවනු ඇත.

 

ජූලි 09 වන දා අරගලකරුවන්ගේ උද්ඝෝෂණ ක්‍රියාදාමයෙන් පසුව ගෝඨාභය ධූරයෙන් පහ කිරීම සඳහා සිදුකරන ක්‍රියාදාමය පිළිබඳව කිසිඳු සාධනීය අදහසක් ජානකී හෝටලයේ සාකච්ඡාවලදී විපක්ෂයෙන් නොලැබුණි. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂය මහමැතිවරණයක් ඉල්ලා සිටින ලදී. මහමැතිවරණකින් ඔවුන් ආණ්ඩුව සෑදීමට යන්නේද මේ පවතින බලය සහිත ජනාධිපතිවරයා යටතේමය.

 

ඒ සියලු කරුණු සලකා පැහැදිලි සමාජ දේශපාලන දැක්මක්  සහිත ව්‍යාපාරයක් ලෙස 'රාමඩා හෝටලයේ' හමුවට සහභාගී නොවීමට ගැඹුරු සාකච්ඡා වටයකට පසු අප සංවිධානය තීරණය කළ බව මෙලෙස දන්වා සිටිමු.

එමෙන්ම අප සියලු අරගලකරුවන් ආමන්ත්‍රණය කිරීමට ද මෙය අවස්ථාවක් කරගනිමු.


සහෝදර සහෝදරියනි,


යම් හෝ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇතිවුව හොත් එහි වාසිය යන්නේ කා හට ද?

 

ජූලි 09 දේශපාලන පක්ෂ සෘජුව උද්ඝෝෂණ ක්‍රියාදාමය සඳහා සහභාගීවීම තුළ එම උද්ඝෝෂණය තුළ යම් හෝ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇතිවුව හොත් එහි වාසිය යන්නේ කා හට ද යන්න පිළිබඳව ද අප ගැඹුරින් සිතා බැලිය යුතුය. එමනිසා අප සෑම විටම ප්‍රචණ්ඩත්වයට එරෙහිව අවිහිංසාවාදීව අපගේ අරගලය පවත්වාගැනීමට වගබලා ගත යුතුය.

 

ටියුනීසියාව වැනි රටවල සාමකාමීව ඇරඹි අරගල ප්‍රචණ්ඩත්වය කරා යොමු වූ හේතු සාධක සියුම්ව අධ්‍යයනය කරන මෙන් අප සියලුම අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිමු. එවැනි තත්ත්වයක් ලංකාවේ ඇති නොවීමට අප අධිෂ්ඨාන කරගත යුතුය. ''

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15



{gallery}radicalcenter2022531{/gallery}

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්